මාධවියගේ නෘත්යය වර්ණනා කරන වයන්තිමාලා කර්තෘ ඔබ ඉදිරියට ගෙනෙන්නේ එකල පැවති අභිරාම නෘත්යයෙනි.
සරසවි රැඳි රජගෙ මෙතෙපුල් පියුම් සිරිසර විඳ විඳේ
කුසුම් වී ලෙස නුරාලිය දළුලලා නෙත් සැර විඳ විඳේ
පුරලැවි මෙන් මෙලෙස තුතිකොට එමාදේවි ලඳ නොඳේ
කරකැවී මඳලසව ආපසු ඇවිත් සිට මේ සබ මැදේ
ගසා මල්දම සුද්දතාලම් පිඹපු පංගම් උවමනාදේ
අසා සමනව කියන සුලලිත වු මනෝහර ගීත නාදේ
නිසා කර මනමතින් සිටියන් මුව පියුම්කර කර පබෝදේ
විසා රද මාදේවි නැටුමට සොදා රූසිරු තබා පාදේ
ඉඳ මඳක් නැටුමට සැරී රනමොනරඟන සිට පසුකළා
පද මොළොක්කර තබ තබා ගොස් තිසරඟන ගතියෙන් දුලා
වැඳ නොයෙක් පළුතන නුවන් මල් රන් ලතාවක සිරිසුලා
ලඳ උදක් රුවනින් නැටුසැටි දුටු දනන් නෙත් සිත් වෙලා
යුවලතින් පෑගී තමන් පළකළ ලෙසින් අනුරා රසේ
නිසි ලෙසින් අතිනත ගසා විදුලිය පපා සියගතිනි සේ
දන නුවන් බැඳ බැඳ විසේසව බමවමින් තුනු රූ රැසේ
සහතොසින් සුරඟනක මෙන් අසදෘස නැටුම් පාලයි මෙසේ
-වයන්තිමාලා
විමසීම හා රස විදීම
1. මෙහි පවත්නා කර්ණ මාධුර්&ය ශබ්ද ධවනිය කුමක් ද?
2. මනො චිත්රයට වඩා කර්ණයට ගෝචරවන වර්ණනා මොනවා ද?
3. මෙහි විස්තර වන නැටුම් නවීන නැටුම් විලාසය හා සසදා බලන්න.
![](/sayura/images/logo2.png)