මේ කවියා ගේ වර්ණනාවට භාජන වු උගත්කම් මොනවාදැ'යි කියවා බලන්න.
දහම් කඳ තෙරිදුට
පදවි ලැබිලා ගීයවිට
අදපටන් මෙ ඔබට
වෙහෙරගම් හැම හිමි මතුවට
ඔබගෙ අත වැසියෝ
ඔබට වෙසෙසින් නිසියෝ
සතරට නොකුසියෝ
ඉගෙන පැළඹෙති විලස ඉසියෝ
සමහර ගෝලවරු
දුහඟ පිළි පැද ගුණයුරු
පෙළක් අත වැසිවරු
කරති විදසුන් බාවනා ගරු
විනය බණ දන්නෝ
බණ පිරිත් ලොල වන්නෝ
වෑ කරණ දන්නෝ
ගණිත චන්දස් එළුව දන්නෝ
එළු බණ කියන්නෝ
පාලි බණ තෝතන්නෝ
සකු සතර දන්නෝ
සියම් කම් බෝජාදි දන්නෝ
ගාතා කරන්නෝ
අමුතු කවි සරසන්නෝ
හැම විරිත දන්නෝ
සොලෝ පද බන්දන කරන්නෝ
යවහන් අරින්නෝ
විසි ගුණාගුණ දන්නෝ
යති පුනරු දන්නෝ
පන්තිසා ලංකා දන්නෝ
හතුරු ගණ දන්නෝ
මිතුරු ගණවල් දන්නෝ
බන්දු ගණ දන්නෝ
ගණ අටේ ගුණ අගුණ දන්නෝ
දිප් අකුරු දන්නෝ
කැත්කුල අකුරු දන්නෝ
වනිජකුරු දන්නෝ
සෑම කුදුකුල අකුරු දන්නෝ
-මොරතොට වත
1. මේ කවිපෙළ කුමණ පරමාර්ථයක් පිට රචනා කරන ලද ද?
2. මෙහි විස්‌තර වු උගත්කම් මොනවා ද?
3. මෙහි කථානායකයා කෙබදු කෙනෙක් ද?
4. කවිපෙළ අනුව සළකා බලන විට එකල පැවැති දැන උගත්කම් මොන කරුණුවලට සීමා වී පැවැත්තේ දැයි සොයා බලන්න.