කතා ප්‍රවෘත්තියක් කියන මේ කවිපෙළ සරළ බව අතින් ඉතා උසස්ය. කතාව කියවා බලන්න.
රදු ලෙස නරඹමින
මහ සත් පැවසි මෙලෙසින
හිමි සදිනි සසොබන
තෙල පෙනෙන අඹ කැනට නිසැකින
යන හීයෙන් විඳිමිද
එන හීයෙන් විඳ හෙලමිද
එමහසත් ඇසූ සඳ
මෙසේ වද හළේ නිරිදු සුපැහැද
යන හීයෙන් විදුම
දිටිමි දුනුදර පෙර මම
එන හීයෙන් විදුම
නුදුටු වෙමි කී සඳෙහි රදතුම
නැවතත් එමහ සත
මෙලෙසින් කීය ලෙස සිත
විදි හීය නො නැවත
සිවී මහාදෙව් රජය තෙක් යෙත
එහෙයින් මද කලෙක
හිමි සඳ කුලග දිය සක
මේ හීය විදින තෙක
බලා වැඩහුන මනෙවි නොව සැක
මෙලෙසට කියාලා
ඇද උර පුරා එකලා
විදපු සඳ නුමුලා
ගොසින් අඹ කැන කොනක් කැපිලා
නැගි බව දෙව් ලොවට
එමහසත් දැක හනිකට
තව සැරෙක තද කොට
විදපු සඳ ගොස් නැගී අහසට
පළමු විදී හීයේ
දැත්තෙහි වැදී තදයේ
හී යටිකුරු වියේ
දෙවන ගිය දෙව්ලොවට නැගියේ
දෙවී ලොව තවී තිසා
වසනා සුරෝ නො ලසා
වඩමින් සිත තොසා
ගත්තු ඒ හී දන්ඩ විගසා
බට සරය ඉදුරා
සෙණ හඩක මෙන් ගුගුරා
එන සඳෙහි එපුරා
වසන සත බිය වෙමින් ළතරා
මේ කිමෙක කයමින
උන් සඳ සතන් තැති ගෙන
මහ බෝසත් සොබන
මෙසේ පැවසී බසින් අමවන
තෙල සරය බසිනා
නොදෙමි වැටෙනව දෙරනා
කියමින් එදියනා
සතට පත් බිය දුරැර සෙදිනා
එවිට බට සර යෙන
පෙර තිරි අඩය කැපෙමින
එන හිය ද අඹ කැන
රැගෙන මහසත් විගස යුගතින
ගොසින් දැක් වු විට
නරනිදු විය සහතුට
එදා තුටු පඬුරට
ලැබුණු දේ මහසතුට තිරකොට
-අසදෘශ කාව්‍යය
විමසීම හා රස විදීම
1. කතා පුවත ලිහිල් බසින් ලියා බලන්න.
2. රජු සහ මහසත් අතර වු සාකච්ඡාව කුමක් ද?
3. කවිපෙළ ඔබ සිත් ගන්නේ මොන කරුණු උඩ ද?
4. කවියා රචන අතින් කෙබදු තත්ත්වයක සිටි කෙනෙක් ද?
![](/sayura/images/logo2.png)