මේ වර්ගයට අයත් කවි භාෂාවේ ඉතා දුර්ලභයය. ගීත ස්වරයට අනුකුලව තෙ~රවිලි ස්වරූපයෙන් තැනුනු මේ කවිවල වඩා ගැඹුරු අදහසක් ගැබ්ව පවත්නා බව සිහියේ තබාගන්න.
කන්දේ ලියන නයිදේටත් කියන්නේ
දිරණ ගෙවල් නුඹ කුමටද තනන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ
ගෙන් ගියදා ගේ ගිනි ලති බොලන්නේ
කන්දේ ගෙදර දොර නවයක් සදාලා
නින්දේ ඉන්ට තද ඇන යතුරු ලාලා
බැන්දේ නවසියක් වැල්ගෙන ගොතාලා
මන්දෙ යන්නෙ අප තනිකර දමාලා
දෙන්නා ඉඳින කන්දේ ගෙදර ඇතිගති
ඉන්නා එපස් දෙන පස් අතකට අදිති
ඉන්නා මිසක් ගෙන් ගෙනියන දෙයක්නැති
මන්දෙ අයෙක් නම් මග නොසිට පලයති
එකත් දෙකත් සය මුල්කොට දනී නම
අටත් පහත් නවයේ ගුණ දනී නම
පත් හැර නිලක් පොරවා ගෙන සිටින නම
නොමඅව සකිය හැමටම මලවියා නම
මාලු අටකි වී නැලියකි පෙර ගත්තේ
සැරයටි දෙකකි ගිනි කටුවකි ඊමත්තේ
සැද කටු දෙකකි ගිනි කටුවකි ඉකුරුත්තේ
මෙලොව කුමන නාටකදැ'යි අනිත්තේ
කලකට කට මව් දෙතනේ කිරි බීමා
කලකට කට රස පලවැල වැළදීමා
කලකට කට කෙතකට බැඳි වැටසේමා
කලකට කට පට මල්ලේ කට සේමා
ඉස පන නැති හෙයින් මිටි සතර ගෙනියති
සතර වාසලට සුළු දොර සතක් ඇති
එක් වාසලක වැසි වසිනා ත'රු ඉඳිති
කිනුවණැති තුන් දහමුණු තුනක් ඇති
ලියක් ගියා දැන් තුන්මස පිරෙන්නා
ලසඳ ගොසින් කළුවර දවස එන්නා
රිකිලි බඩ ගොයම් කිරිවැද පැසෙන්නා
තිරිසන් අපට තනි නිදි පුරුදු වෙන්නා
අඳුරකි දුරකි දුරුකතරකි කාවලකි
අගලකි වැටකි පාරකි දොරකි යතුරකි
වෙනසකි සකකි මමකී බසකි තෙපලකි
අනගකි යුදකි ලොව නැති දුකකි කිය සකි
එන ගමනේ මාවත කුඹුරු හා ගෙනේ
යන ගමනේ දළදා වී වපුර ගෙනේ
කෙත් ඉතිණේ වැට සවිකර වෙලා ගෙනේ
දෙන්නෙක් ඉඳිති පැලපත දිය නමා ගෙනේ
විමසීම හා රස විදීම
1. මේ කවිවලින් ප්රකාශ වන හැබෑ අදහස සොයා බැලීමට වෑයම් කරන්න.
2. මේ රචනාවල පරමාර්ථය කුමක් ද?
3. කවියක් වශයෙන් ගත්කල මෙහි ඇති වටිනාකම පැහැදිලි කරන්න.