කන්ද උඩරට රාජධානියේ පැරණි ශුද්ධස්‌ථාන කීපයක් වර්ණනාවට භාජන කළ මේ කවි පෙළ ඓතිහාසික වටිනාකමක් ඇති එකකි.
නව මිණි බැඳි පවර
සැදු රන් කොතැති මනහර
රන් දද ලෙළෙනඹර
දිලෙන හෙළ මිනි බිතින් පුවතර
යුගත සිදු ගොස තුළ
පසතුරු රැවින් කොල හල
පැවති රෑ දාවල
මෙකල සත පුද කරන හැම කල
බඹ විමන අපහස
කරනා විලස නොලස
රදුන් කුල දිය ඇස
කැනෙවු විසිතුරු රුවින් නෙක ලෙස
මුනි සඳ මුව තඹර
සුපහල ළසදු හසකර
දළදා හිමි පවර
වොරැදි විමනෙක් දිලේ නිරතුර
තනිසුරු වෙණු කුමර
පතිනි සුරඟන හැමවර
විසූ සුර විමන් යුර
සැදුණු සිවුදේවාල මනහර
පොහො මලු කුසුම් වතු
භය ගිරි නමැති වන යුතු
තුන් මෙවෙහෙර දිමුතු
විය නොපමණ අරම් සඟ සතු
-අසදෘස ජාතකය
විමසීම හා රස විදීම
1. නගලාංකාරය පැරණි කවි සම්ප්‍රදාය අනුව ලියා තිබෙන හැටි පරික්‌ෂාකර බලන්න.
2.දළදා මැදුර පිළිබඳ වර්ණනය සවභාවොක්‌තියට අනුකුල ද?
3. දේවාල සහ ආරාම පිළිබඳ ව කවියා කියන්නේ මොනවා ද?