අවවාද
 

අවවාද කවිය අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ කලාතුරකින් ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගන්න.


රුසිරු යොවුන් ගුණ-නැණ සියල්ලෙන් නොඅඩු වූ මුත්
නොදතොත් සිල්පසත-සුවඳ නැති කැලෑ මල් සම වේ,


ඔවා දෙනු පරහට-තමා සම්මතයෙහ් පිහිටා සිට
දුසඩිරිත දනන් දෙන-ඔවා වැද්දන් කියන බණ වැනි,


සුදන සහ වීමට-වැඩිය යහපති සොරුන් ඉතකම්
සොරු දන පැහැරයෙන්-සුදන මනතුට රැගෙන යනුවෙත්,


ඇති තෙක්‌ම කඩතෙල්-අඳුර දුර හැර පහන බැබලේ
පින් ඇති තෙක්‌ දනෝ-සව් සිරිනි පරසිදුව බබලති.


නුපුළුවන් කිසියම්-කරලා ගෙන සැපෙන අවියත්
තමා තම කරටම-නැගෙනුව පයන්නය කරන වැනි.


නොකා නොබී ඉසුරු-තිබුවොත් පිනැති හට පැමිණේ
ගොදුරෙහි රස යෙදූ-දසන් හැර දිව රස විඳින මෙන්.


දුදන සහ මිතුරුව-ඉඳින නොදැනුම් විතරට
ගුණ නැනැති සුදනන්-සමඟ සතුරුව උනත් වැඩ වේ.


නිදන හට දෙන දෙය-මයි ලොව උතුම වියතුනි
ඉසුරු මත් බව දෙන-දෙය වපුරණ වැනි කෙතෙහි බිජු.


සුරාපානය කළ-පවිටුන්ට දෙනු ඔවා මුදු බස්‌
දිය තුළ වන් එකකු-පුලුස්‌සන වැනි ගිනිසුලක්‌ ලා.


සිල්ප උවදෙස්‌ වස්‌-අබය මෙ සතර දෙන උතුමෝ
පියතමගෙ පියවූ-සමඟ පස්‌දෙන මපිය පිය වෙත්.


-ලෝකෝපකාරය


විමසීම හා රස විදීම


1. මෙහි කියන අදහස්‌ විවරණය කර බලන්න.
2. කවියා යෙදූ උපමා අතරින් ඔබ සිත් ගත් තැන් සොයන්න.
3. ගැඹුරු වචනවල පරිකථා ලියන්න.
4. මෙහි එන උපමා එක්‌කොට එයට සමාන අනික්‌ උපමා සැපයිය හැකිදැ'යි බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017