පැරණි කවි සම්ප්‍රදාය අතර ඉතා සුලභ දේව වර්ණනාවක් ඔබ කියවා බලන්නේ එදා ගත් මඟ පරික්‌ෂා කිරීම සඳහාය.
නොහිම් තෙදැති එහිමිගෙ සසිරස තෙවුන
රුවන් කිරුළු සසරැස් විහිදී දිලෙන
පසන් ගණ කණක කුළුසයකට පැමිණ
කෙළින් නම් කෙසර රණ සදනෙක් එමෙන
පසිදු සවනිදුගෙ නිතිබෙහු නලලසය
හරිදු තෙත අඩක් ගල රිවි මඬලසය
එබදු ගණ කණක පට සයෙහි විලසය
විහිදු කිරණ කවිදුලැතොත් එම ලෙසය
එසුරිදුනේ පළ කළ දිගත තෙදසිනේ
බරසවනේ දිලිසෙන තෝඩු කෙලසිනේ
විසිවදනේ සිරි කල බලන විලසිනේ
යෙදුරුවනේ කැඩපත් දොළොස විලසිනේ
සොබමන් එහිමි රණකුසුවන් ගහණසය
වදනන් බුජ සයට ලොබවන රණහසය
කිවිදුන් විසින් යෙදුවත් මේ සම බසය
මුනිදුන් හට සමකළ නිවටුන් ලෙසය
වැඳ පුදකොට සිටින දන නිති ලොව සියල
සෙද සැපතෙහි යොදවන තෙදැති මනකල
මදහස ගත එසුරිදු මුව සය උදුල
නද දිනිදිදුට කොතනද සයෙක සිරිසිල
දිරිතර තෙදැති කඳ සුරනිදුගෙ පැහැදිලී
මනහර උරතලා යුග සිනිදු හැම කලී
සිරිසර සතක විසුමට නොකර සිතු මැලී
පළකර තිබු දෙරුවන් ඇදෙක සිරි සිලී
රතැඟිලි තැටි ලපලු අල්ලෙව් කණක මුදු
පැහැදිලි මිණිබරණ බිඟු පෙළ සිරිනි රුදු
මනකලි එහිමි සඳහුගෙ බරපන පසිදු
සිරිසිලි සුරතුරෙක අතු දොළොසෙක එයිදු
බර නුවනින් යුත් එහිමිගෙ පර සිද්ද
පිරුණු ලෙසින් යුවලෙව් වටරොට ඉද්ද
තුරුණු රුවන් රඹ පැල යුවලෙක් ඇද්ද
කරුණු එමෙන් පැවසුවමුත් සම වෙද්ද
නලදුල දඟ අකවට කෙමි පතැගිලිය
නැමුදු වැඳි සතන් බිඟුනිය රොන් දිලිය
එයිඳු සය වදන් සුරිදුගෙ පැහැ දිලිය
එයිදු යුග පත්ල දෙපියුම් සිරි සිලිය
තෙදනින් දිනිදු බලයෙන් දිනු කුල මදුරු
යසසින් උළිදු නැණයෙන් යුත් සත් සයුරු
සමුවෙන් පසිදු සොබමන් එසුරිදු රුසිරු
කියමින් කෙබදු පඬුවෙක් නිමවේද සුරු
බරණගණිතාචාර්ය
විමසීම හා රස විදීම
1. මේ වර්ණනාව කියවන ඔබට ඇතිවන හැඟීම් මොනවා ද?
2. ස්‌කන්ද දේවයන්ගේ සිරස පටන් පාදාන්තය දක්‌වා වර්ණනාවට භාජන කළ කවියා උපමා සොයා ගත්තේ කොහෙන් ද?
3. මේ කවි විවේචනයට ලක් කළ විට කෙබදු තත්ත්වයකට පත්වෙයි ද?