අහස්‌ ගමනක්‌
 

පැරණියන් විසින් දුටු අහස්‌ ගමන අද වැන්නක්‌ දැයි සොයා බැලීම සඳහා මෙය කියවන්න.


මනසක සතුටු කරවන සොඳුරු මනහර
නොවලැක සුරකිඳුරු සිදු විදුදර පවර
නොව සැක කෙළින තුනු පැහැයෙන් එකලු කර
දහසෙක සුවාසු හිම සෙල් දිටි කුමර


මනහර සතර පැහැයෙන් දිසි සිවු දිගට
හැමවර නිවෙස්‌ වන පැහැ සැදි සුරිනිදුට
තුඟුකර පවු සතක්‌ සුසැදී ඇති අවට
මහමෙර බැලී ඔහු අහසින් යමින් සිට


නොමඳ පබුළු සත් මිණි මුතු රැසිනි නද
දලද සමඟ ලෙල දෙන තරඟ නල වැද
නිබඳ නැව පසුරු ගෙන යන රුවල් බැඳ
පැහැද බලා ගියෙ කුමරිදු මහ මුහුද


ඉඳුනිල් දෙරණ සැදි කලදෝ යටග දුල
බඳු බැඳි දද නලවැද නිරතුරු ගුවනවනි ඟිල
උදු දල තුලෙන් ඇදගෙන ගුවනවනිඟිල
සිදු පිට දිටි ගුරුළුන් ගත් නයින් කැල


නියමින් සුසැදි මේ සක්‌වලෙහි අතරම
නොමදින් උලැති දළ රල සපිරි නිතරම
වෙසෙසින් නිති පිහිටි මහ සමුදුර මැදම
දිවයින් සතර සහ නැරඹී කොදෙව් සැම


දුලා මහරු මිණිරැස්‌ දසදිග පැතිර
වෙලා එකදු තිබෙනා නිබඳ මනහර
කලා සුර සමඟ වසනා නෙක අසුර
බලා ගියේ නිලඹර දිසි විමන් යුර


රඟා කොමලඟන සිරිපාමින් නිසැක
ලගාවම යනෙන සිදු විදුරද නොයෙක
මගා ඔවුන් සැටි තුටුකර සිය දෙසක
මගා රිවි ගියේ ඒ කුමරු නොවැලක


අහස්‌ ගඟෙහි වැද වැද රැගෙන සීකර
වෙසෙස්‌ සිහිල් මඳනල හමනා උතුර
පහස්‌ ලබ ලබා මඳකල් ඉඳ අඹර
සතොස්‌ වෙමින් ගොස්‌ ඔහු තුනු ගිමන් හැර


-ධර්මකීර්ති ඒකනායක - (දුනුවිල මුදලි)


විමසීම හා රස විදීම


1. කාලිංග බෝධි ජාතකයට අයත් කතා වස්‌තුවකට අනුරූප පරිදි කවියා මේ ගමන වර්ණනා කරයි.
2. අද මෙන් අහස්‌ ගමන් නොතිබුණු සමයක කවියා ගුවන් ගමනක්‌ වර්ණනා කළේ මොනවා උපකාර කරගෙන ද?
3. මෙහි ඔබ නවතායෙන්දකින රසය කුමක්‌ ද?

(c) Shilpa Sayura Foundation 2006-2017