ජන කවියකුගේ තවත් චමත්කාර ජනක රචනාවකි. මෙහි සරල බව ඔබගේ ප්‍රීතිය දියුණු කරවනු නිසැකය.
ඇත්තු ඇවිත් කෙත් මඩවති
ඌරෝ මඩ කලල් කරති
උරුලෑවෝ නියර බඳිති
මුගටි ඇවිත් පාගා දෙති
සාවෝ ගොස් බැඳලා දෙති
මුව රැළ ඇල් පැල් තනවති
ගෝනුන් පැල් ලැගලා දෙති
මොනර ගිරව් කරල් ගෙන එති
නොබෝ කලක් පසු වී යති
කිරිල්ලියෝ පැහැ පා සිති
සොළොස් අමුණු සැට ලාසැති
මුළුතැන් ගෙට ගෙනෙමින් දෙති
බඹනු ඇවිත් පිසලා දෙති
අසුර සෙනඟ ආයු වඩති
ඉසුරු සැපත් මහ බල ඇති
ඉතිරි කමලු දුන් පල නිති
මුව ජාතකය