ජන කවියකුගේ රචනාවක් වන මේ කවි පෙළ නිසර්ග කවීත්වයක් ඇත්තකු අපට නගා පෙන්වති. මෙය ද ජනප්‍රිය කාව්‍යයකි.
තෙමා මගේ සළු පිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්දතවා
උන්නෙමු අපි ඉපිද ලෙහෙනුන් කුලේ එදු
වැටුනේ ජලය මැද සමුදුරයේ බිලිඳා
දැනුනේ කරපු වීරිය ගොඩ ගන්ඩඑදා
හිමි රජුනේ මඟ හැරියේ මන්ද මෙදා
රුව ඇති පුතුන් වැදුවා මම වැරදීද
රුව ගුණ තේජසක් මගෙ අඩු වුණා වද
ගරු සරු නැතිකමක් මාතින් යෙදුනාද
සුවඳ බොජුන් වැළඳු මගෙ හිමිසඳට
නිබඳ බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලා පල වැවියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට
කාරණාව බුදුවෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
බාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද දඳුරයි සුවාමිනේ
හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කොමල අනඟි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි, හිමි අද කොතනකද
කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තියෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාලිඟ හැදේවා
යසෝදරාවත
විමසීම හා රස විදීම
1. සවකීය ස්‌වාමි පුරුෂයාගෙන් වියෝවු වනිතාවක තුළ පහළ වන අදහස් නිහතමානි ලෙස සරල බසින් කවියා කියයි.
2. යසෝදරා රජ මෙහෙසියක බව පවා කවියාට අමතක වූයේ ඇගේ සෝකය තමාගේ සෝකය බවට හරවා ගැන්මට ඔහු සමත් වු බැවිනි.
3. "සෙනේබර බිරිඳක විසින් වියෝ වු හිමියා ගැන දුක්‌වන හැටි පමණක් නොව හොද හිත ඔහු කෙරේ පවත්නා බව දක්‌වන මේ කවිපෙළ ජනසම්මත කවි අතර ප්‍රධාන තැනක් ගනී." සාකච්ඡා කරන්න.
![](/sayura/images/logo2.png)