රාජ වර්ණනාව සඳහා කරන ලද මේ කවි පෙළ නුවර කාලයේ කවි සම්ප්‍රදාය අදුනා ගැනීමට උපකාර වන අයුරු කියවා බලන්න.
සදිසි දිනෙන්ද්‍ර සර කර චන්ද්‍ර සපැමිණ තුංග ගිරි හිසිනේ
සයුරු සරෙන්ද්‍ර රැව්නොම සුන්ද්‍ර යකුහඬ මෙන්ද වනි සවනේ
පසිදු නරෙන්ද්‍ර සිංහ විජෙන්ද්‍ර රාජ රාජෙන්ද්‍ර හිමි සදිනේ
යුදට රතීන්ද්‍ර නොවඩිනු කින්ද මතවර නින්ද යුරු ගමනේ
නදමුචන්ද්‍ර කැන්රිචිසේම වනිය ඉතාම කරතුනුම්
ගතිනිඋපෙන්ද්‍ර විදි මද පේම නොමැතිව රාම සැරසෙ නොහිම්
විජය නරෙන්ද්‍ර සිංහසුනාම හිමියනි බෝම සැප විදි තුම්
මත්තහසෙන්ද්‍ර නල රස කාම වැද එතැවීම බැරි සැනසුම්
දිනපති සාර පිරිපතිතාර හිමකර නෑර ගිරග පතී
දද බැඳ මෝර බද මන්දාර හිය මද මාර පිවිස ගතී
අදකරවාර වීර විකුම් යුතු නරේන්ද්‍ර සිහ මිපා ජගතී
ඉතිකින් ගෝර මෙව්යෝ පාර වර බැසතීර කෙලෙස යෙතී
රියහිමිවාද වෙමිනි උදාර සැරවිදිනේය සිතුලෙසටා
කොවුලිඳුනාද යකුහඬසේම ඇසෙනු එතාප වී කණටා
දිලිකොඳ සාද හිමදෙයි නෑර යුගතග පහළ රිවි ලෙසටා
වැද සිරි පාද සකි මේ වියෝග පවස නරෙන්ද්‍ර සිහ රජුටා
උදය ගනංග මිතුරිදු කුන්ද ලෙසට දිනින්ද ගිම පානේ
යුදට අංගන සැරගෙන කුන්ද කොඩි බදිමින්ද එයි රොසිනේ
සැදි මනරංග යහනත කුන්ද නැත නෙත නින්ද තනි වෙමිනේ
රිවි කුලතුංග උදුල නරෙන්ද්‍ර සිය හිමි කැන්ද සකි සඳිනේ
ශෘංගාරාලංකාරය
විමසීම හා රසවිදීම
1. කරුණු වලට ඉහළින් වචන ගැන සැලකු හැටි මෙයින් පැහැදිලි වන බව ඔබට පෙනේ.
2. මිශ්‍ර සිංහල භාෂාව සුදුසු පරිදි කවියට යෙදුමට කර්ණ රසායන බව මෙයින් ප්‍රකට වේ.
3. පැරකුම්බා සිරිත හා මෙය සසඳා බලන්න.