සව්සත්දම් වාදයට හේතු වු ගංගා රෝහණ වර්ණනාව සාහිත්‍ය කෘතියක් වශයෙන් කෙසේ වුවත් නුදුරු අතීතයේ ප්රබෝධයට මුල් පියවර තැබූවකි. මේ කියන්නේ ගඟේ කළ පින්කමේ විසිතරයකි.
රොන් ගන්නා නද දී බිඟුන් හෙල පියුම පුල් රත් පියුම් නිල් උපුල්
ඇල් පැන් යුත් පිරි නිල් වලා ගඟ දියේ සාදා දෙමල් තුම් මහල්
පස් සත් මාල ලකල් දහම් මඩු සදා මෙන් දෙව් විමන් නන් සිරින්
හෙල් මැල්ලෙව් හෙළැඹුල් දලෙව් හෙල සරෙව් බන් සේ වියන් සේ වලාවේ
තැන් තැන් හී සෑදි රන් තොරන් රඹ තොරන් ගොප්පන් පිළි මල් තොරන්
රන්වන් රත් සුදු නිල් පිළි පට පිළි රත් නිල් පලස් කම් සදා
නන් කම් යුත් සුපහන් ඇගැකර නොයෙක් තන්හී තබා පුන් කලස්
එල්ලා රන් රසු දැල් කසුන් දද නඟා රන් දම් කුසුම් දම් සදා
ගිංතෙල් දෝතලු පොල් පුවක් තැඹිලි කොස් සල් දෙල් ඇඹුල් වේ කෙහෙල්
ලප් නාරං විලිකුන් දෙළුම් අඹ දොඩම් නාරං සුපක් මේ පෙලෙන්
රුක් මල් පුල් දුනුකේ කොබෝලිල පළොල් නාමල් පෙතං දැසමන්
රොන් රැස් හෙල් මැලි රත් පියුම් හෙල පියුම් පුල් නිල් උපුල් මල් කමින්
දෙව් සෙන් පත් මනරම් සුරන් දෙව් විමන් මෙන් මේ සියල්ලෙන් සරා
සාදා නන් ලකරින් අසුන් දෙක බැගින් ඒ දම් හලන්හි සියල්
ඒ අස්නන්හි සඟුන් වඩා හිදුවමින් තුන් සිත් පහන් වී නිතින්
පින්වත් ඒ සඟනන් ලවා මුනි වදන් දෙස් වමිනි මෙත් කන් අමා
සාදා රන්කුඹු පොල් මලින් සුදු නිමල් රත් නිල් වෑරැල්ලෙන් සරා
සත් කල් දෙව් විමනෙව් සරා ලොවැදුරා දනන් වඩා සිත් බැතින්
සව් සත් දුක් මුහුදෙන් නඟාලන නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දා ගේ මෙලෙසින් කෙළේ ගහට පත් සිත් සේ පුදමි නී යළිත්
මේවාගේ සන්තොස් ලකල් හැම සිරිත් දන්නා දනන්ගේ සියල්
හම්බන් ඈ දලයෙන් සරා වැඩිදුවා ඒ පව්යන්හි සඟුන්
ඒ දාගේ අවටින් නිතින් පිරිවරා සිත්හි දිනු තොස් වඩා
පින්වත් ඒ සඟනන් ලවා මුනි වදන් දෙස්වා කියම් සිත්තොසින්
සක් සින්නම් සමගින් සවන් පිනවනා වීනා වලා වස් කුලල්
ගී රාගම් මනරම් රැඳම් තිර වියන් පන්දම් වැටුප් මල් කලස්
රන් කම් මල් වෙඩි කත් වැටුත් කඩ කොඩිත් මේ කී නොකී නන් පුදෙන්
ඒ ඒ තන්හි නොයෙක් දහස් පුදට මේ පින්වත් පටන් ගත් සඳේ
නොයෙක් සිරිත් යුත් ගුණ දම් සිතින් දැරූ
දනෝ අසා ඒ පුදදා පිදුම් ලොබින්
සියල් දිගින් ගම් නිගමින් අවුත් අවුත්
සුරන් රැසක් මෙන් ගහ පත් වුණේ මෙසේ...
ගංගා රෝහණ වර්ණනා
2. මඩුකුඩම් අලංකාර කළ පරිදි කවියා කියන්නේ කෙසේ ද?
3. උත්සවයේ පැවති විවිධ අංග සොයා බලන්න.
4. මෙහි වෘත්තය ඔබ සිතන්නේ මොන කරුණු උඩ ද?
5. කවියකු වශයෙන් මෙහි කර්තෘ කිනම් ස්ථානයක වැජඹෙයි ද?
![](/sayura/images/logo2.png)