කර්ණරසායන පරිදි ගායනා කළ හැකි මේ ජන සම්මත ගීතය කියවා බලන්න. මෙය ඉතා ප්රකට ජනප්රිය එකකි.
කැකුලු සහල් පිටියෙන්ද
වට කර ඔලු ඇට මෙන්ද
තම්බා කඩ පිම් මෙන්ද
සුරැකිව තබා යෙහෙන්
කිතුල් හකුරු පැනි යෙන්ද
මදක් සීනි සමඟින්ද
සැඳිගා කකාරමින්ද
ලුණු වැටෙනා පදමින්
තීවග දෙදුරු සමඟින්ද
එක එක පමණ යසින්ද
සැඳිගා කකාර මින්ද
එකතුව සැම දෙයින්
බදුනක ලා සතොසින්ද
සමකර යස විලසින්ද
එදවස පසුව ගොසින්ද
ගනිමින් නැවත තොසින්
කැබලිව සැනින් කපාම
රඹකැන් සමඟ කදිම
ලොව සතහට සොඳ කෑම
අසණුව නැණැති සියල්
උදය උදය සැමදාම
වළඳා උණු පැන් බීම
සත් සිත් වෙර පිනවාම
මියුරු දෙයකි සුවිපුල්
වැලිතලපය යන නාම
පැවසුය පෙරැදුරු සෑම
වාපිත් සමන කිරීම
කදිමට වේ නිරවුල්
තකිරඟ කිරණ කිදෙන්ද
කිටිතක තක්කිට කින්ද
දෙමිකිට කිම්තක කුන්ද
ජෙනෙකිට ගුදිත ගුදන්
ඔදානිස් රබන් ගුරා