නුදුරු අතීතයේ සුලභ ප්‍රබන්ධ ගණයට ගැනෙන මේ කවි පෙළ අති ප්‍රසිද්ධය. මෙහි එන වර්ණනාවටත් වඩා ශ්‍රව්‍යරූපයන්හි පවත්නා කන්කළු බව කවිපෙළ ජනප්‍රිය වීමට හේත' වු බව පෙනේ.
ලතල මෙබදු පියුමාර
කුලෙහි වසන හැම වාර
කොරලි මගුරු ඊ ආර කන පෙටියේ
නැබල දෙරණ තුනුදාර
මොද වලපොතු දැති මෝර
ඉපිල කෙළිති සුවිතාර පැන අටියේ
අඹ දඹ මොර පේර
තල් පොල් දෙල් පල බාර වතු කැටියේ
වැජබී පසිදු වනු දුර
මාදම්පෙට සුවි සාර
උදුල වැවකි ගම් බීර දෙනපිටියේ
පිනවන දුටු දන සෑම
ගඟ ලඟ පිහිටි කදිම
තුරු පෙල අවට සෑදීම යුත් සෙවනැල්
ගණ මේ කුලෙවි දිලිම
විහඟුන් මත රැව් දීම
සුලගින් පත් ලෙල දීම
ඇති හැම කල්
යන එන අය සැප සේම
එහි ඉඳ ගිම් සැන සීම
දස දිගු අතු විහි දීම
ගිමෙන විසල්
දෙනි පිටියට ම ඉතාම
වටිනා මහ නුග දුම
බල සකි එහි සිත් සේම
නිලඹර දුල්
හැම වර දන මන නන්ද
පල බර පලල උයන්ද
නෙක වතු කුඹුරු වලින්ද
සෑදු දෙපසේ
පෙම කරවන නිතියෙන්ද
සල්පිල් සහ ගෙවලින්ද
එහි සරනා මැති සෙන්ද
සැනකෙළි සේ
කිවියර වඩු සිතියන්ද
දැන ගත් සිහි ඇදුරන්ද
සෑදි දෙනි පිටිය නමින්ද
යුත් පිය සේ
නුගතුර තුනු රුසිරෙන්ද
පලකර සක් දෙවියන්ද
පර සතු රුක විලසින්ද
නිබඳ දිසේ
ගජමන් නෝනා
විමසීම හා රස විදීම
1. මෙහි එන වර්ණනා චමත්කාර ජනක වන්නේ කෙසේ ද?
2. නුග ගස වර්ණනා කරන්නට ගිය කිවිඳිය ගම වර්ණනා කළ අයුරු සොයා බලන්න.
3. මෙහි වෘත්තය ඔබ සිත් ගන්නේ මොන කරුණු නිසාදැයි පරික්‌ෂා කර බලන්න.
![](/sayura/images/logo2.png)