කුරක්‌කන් තලප
 

විසිවන ශත වර්ෂය පටන් ගැනීමේ දී වැජඹුණු කවියන් අතරින් මේ කවියා උපහාසය මුල්කොට කවි තැනීමෙහි පරමාර්ථ වූවකි. මෙහි විස්‌තර වන කරුණු රසවත් ලෙස දැක්‌වීමට කවියා පොහොසත් විය.


මිගිකර ඇටගෙන උණුදියරෙහි ලා පදමට තම්බා පෙරමින්නේ
දැඩිකර කොටවා පිටිගෙන ලිප්ගල් දෙකට දෙපය දී ඉඳගන්නේ
වැඩිපුර දියවෙන බදුනක වත්කර පදම බලාලා පිටිලන්නේ
කඩිසර ලෙස ගොල ගැට නොගැසෙන්නට විගසට කලවම් කරපන්නේ


ඔරුපදිනා ලෙස ඇද ඇද පතුගා දියවර තුනකින් තම්බන්නේ
තරු පෙනෙනා කළ දුම්වැද ඇස්‌වල පදම බලාලා බා ගන්නේ
ගුරු නොවනා ලෙස ලෙලිනැති පොල් ගා තරමට ගුලි කරවා ගන්නේ
බරුදමනා ලෙස මාත්තු සමඟින් තද උණුසුම පිට වළඳන්නේ


මිරිස්‌ ඇඹුල් ලුණුසමබර තිබ්බොටු හොද්දෙන් දඬමසෙන් කැ වෙයි
සුරුස්‌ ගඟා පවතින සෙම් කැසි මුස හන්දි පිරුම් ඇදුමට වේ වයි
හරස්‌ අතට බන්ඩිය බේරීම ද විසි මේභය අරිසස්‌ වේ වයි
සරස්‌ කියා සුවවෙයි මේ සැම ලෙඩ තද බඩ ගින්නට අත්දුටු වයි


-බැදිගම ශ්‍රී රතනපාල


විමසීම හා රස විදීම


1. විස්‌තරය අතින් කවියා උසස්‌ තැනක සිටී. මෙය ඔප්පු කරන්න.
2. මෙහි ඔබ දක්‌නා උපහාස රස උපුටා පෙන්වන්න. 

(c) Shilpa Sayura Foundation 2006-2017