මේ කවි පෙළින් කවියා උසස් අදහසක් ඉදිරිපත් කරයි. තරුණියකගේ පාරිශුත්ධිය කොතෙක් උසස් ද යන්න කියන ඔහු සමාජයට කල්තියා අවවාදයක් කරන්නේය.
සේසඳ ගුරුන් පෙම් කොඳ වන පොබ කරන
වි සොඳ යොවුන් වයසට ඔද වැඩි රිසින
ලු අද නිදන් තුර මනුදම් මහඟු මිණ
රු සද ගඳින් රස පහසින් නොකෙලෙසුණ
පුන් කලසකින් ගිලිහුන් සිරි දේවිගේ
මන් නද සුපිරිසිදු තඹ වතුරක් වාගේ
වන් නිදි ගෙයක දිගැසක් නොඑළඹ දීගේ
වෙන් බව නොමැත ඉටුදෙව් කෙරෙනුදු ඇගේ
පසුවී මෙලෙස සලෙලකු පියොවෙහි නැවත
හසුවී අනඟ රස වළදන දිගැස වෙත
සෙසුවී ඉතිරි ගුණ නැති බැව් රැගෙන සිත
මුසුවී දුකින් ඉටු දෙව්දුව පලායත
සැරපස මතු විඳින සැර සැඬනල තරවේ
ඇතිදෙස තමා හදවත දඬු අග බරවේ
සබවස පිය සුවඳ අවටින් මුත් තොරවේ
එදිගැස සුර කුසුම් එක කොනකින් පරවේ
නිදොස ලෙස කුමරි බඹසර සුරකිල්ලේ
නොලසවම යෙදී හසුවී එකැසිල්ලේ
පුරුස පියොවකින් වු එය කෙලෙසිල්ලේ
දිගැස නිසා වන දෙවියොත් ලතැවිල්ලේ
මලකට සරි නයම් දම් මවහටම හිමි
දිගැසට කුමරි බඹසර සුරකින ලපෙමි
කරනට කිලුට ලන තැත අකුසලෙහි නැමි
අහසට ඇසෙන බරතර වරදකි සිතමිමි
බුන් බඹසරින් යොවුනකු පත් ලියු රුසිරු
යන් නිදි විදි ලෙසින් හිමිකුලයකට ගරු
වන් දෙස සියලු තැන මතුවෙයි අවැඩ කරු
ඉන්පසු එ කුලගෙට හූනා ගණිතැ දුරු
ලොපේ විද කුමරි බඹසර සුරැකිවවා
තැපේ දළ සොවින් ඇගෙ සිත රැ දා දිවා
සැපේ මතු පතා පැමිණෙන හිමිද තවා
කිපේ එළඳ ගැන ඉර බටු තරුව පවා
මුලදිම හිමිට දක්වන නිදහස ම දිවි
ඔහු පෙම නොබලනා ඇඹෙනිය දොසැති දිවි
අළුයම පසු දිනෙහි කරගත යුතු ලැ දිවි
පිළියම එකම වනසා ගැන්ම මයි දිවි
ඉසුරුද සෙට කුලද පිරිවරුද සත දැරු
ඇති විද කුමරි බඹසර බිඳි ලිය රු සිරු
විදිලෙද යොදා කවතත් අල නගා මැරු
හිමි හද රිදුම් සුවකර ලීම නම් බොරු
කුලගේ පහන විලසින් බබලනා නිති
සැම ගේ ලාගෙන ගුණයෙන් වඩවනා බැති
නොම ගේ නොගොස් බඹසර සුරකිනා නිති
දැරි ගේ අගය සුරපුර ගායනා වෙති
රුපදේව ආනන්ද රාජකරුණා
විමසීම හා රස විදීම
1. කුමරි බඹසර රක්නා තරුණියකගේ අගය කවියා කී හැටි කෙසේ ද?
2. වැඩිවියට පත් ඇයට මුණ ගැසෙන අතුරු අනතුරු හැටියට දක්වන්නේ මොනවා ද?
3. "මේ කවිපෙළ අවවාදාත්මකය" ඔප්පු කරන්න.
4. පියොවෙහි, නියම් දම් මව, ඉරබටු තරුව, නගාමැරු අල මේවාට පරිකථා ලියන්න.
