"බෑ ඉවසන්නට, බෑ ඉවසන්නට" යනුවෙන් බලවත් සංවේගයෙන් ඔබේ ජාතියේ හැටි කියන කවියා ජාතික දුර්වලකම් ඔබ ඉදිරියට ගෙනෙයි.
බෑ ඉවසන්ට බෑ ඉවසන්ට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලු ලුණුමෙන් පුපුරන්නේය කෝප විකාරෙන්
ඈ නසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙ ම නැද්ද උපුල්වන දෙව් රජුනේ ලක රක්නා
හංවඩු දී සුදුවෙන් ගවගාලක ලු ගවයෙක් හෙම දැක්කොත්
සිංහ රැලක් දැක දෝත නගා බඩ ගාන හිවල් මොටයන් සේ
භංග කොටින් සිය වීර පුරිස් ගති ඌට වදිත් දන ගාලා
සිංහල පුත්තු ද මුන්දැල අම්මෙනි නෑ! මට නම් නොම තේරේ
වන්නි හතේ වැදිලත් අර ඉංග්‍රීසි යෙන් ම කතාව කරන්නේ
ගොන්කම ඒ මදිවාට තවත් සිය බාසෙ ගැනයි මතුරන්නේ
ඉන්නෙ හිටින්නෙ කියන්නෙ හිදන්නෙ ද අන්තිම හුස්ම හෙලන්නේ
දැන් බැරිනම් මතුවත් මම ඉංග්‍රීසි යෙක් වෙමියයි පතමින්නේ
"කෑම කටක් නැත මේ දරුවන්හට මා සැමියා ද මැරිලා
කෝක රැකෙම් ද ඔබේ උපකාරය පින්වතුනේ මට නැත්නම්"
මෙම කියා දොර ගාවට ආ දුබලී මැහැලී එලවාලා
කාම මතින් ඒරොප්පෙ ගොසින් කෙළ කෝටි ගණන් වනසන්නා
රබ් බඩ වන් පුහු නම්බු ලැබීමෙහි කෑදරකම් මිස අය්යෝ
ගැබීව ඇතොත් හරි ජාතික ආලය හිත්වල මුන්නැහලාගේ
ඉබ්බට ලොම් ඇත හාවට අං ඇත ඊටම එක්කර කීවොත්
ලෙබ්බෙගෙ මස් පිහියේ ලියවී ඇත සත් කරුණා හා මෛත්‍රී
-ටිබැට් ජාතික එස්. මහින්ද හිමි
විමසීම හා රස විදීම
1. ජාතිකානුරාගයෙන් ඔද වැඩුණු කවියා විදෙශ පූජාවේ නියුක්ත වූවන්ට කරන පරිභවය විමසා බලන්න.
2. කෝපයෙන් දිලිහුණ ද කවියාගේ ජන්ම දායාදය වු උපහාසය රසය මෙහි ද සුලබව දක්නා ලැබේ.
3. "පද ලාලිත්‍ය අතින් මේ කවි උසස්ය" කරුණු දෙන්න.
4. අලුත් උපමා පරීක්ෂාකර බලන්න.