ස්‌වකීය ජන්ම භුමිය දෙස බලා උද්දාම වන කවියා ඔබ තුළ උද්යෝගයක් ඇති කරවයි. රටේ සෞභාග්‍යය හා සෞන්දර්ය ගැන කියන කවියාගේ වචන ඔබට නව ජීවනයක් වෙනවා ඇත.
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය
පණ ඇති මහා සමුඳුර පවුරෙන් වටය
හෙල දිවයින මගෙයි මා ඉපදුණ රටය
ලොව අන් සියලු දිවයින් මේකට යටය
මහවැලි-කැළණි-වළවේ-කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා
උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය
ඇති අන් රටක් නැත, මගෙ රට ඇති තැනය
මුව, මී, ගෝණ, ඇත් සේනා යුතු වනය
පවසන්නේය මට ඇති ජාතික දනය
අගනා දුලබ වනමල් ගොමු ඇත බැද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ
මීදුම් පටල පෙර වු නිල්කදු මැද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇද්දේ
තෝපා, තඹලගම, මිණිපේ, මින්නේරි
මහ වැව්වලින් දියවැල් ඇදෙමින් බේරී
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී
මගෙ ලක් මෑණියන් දෑ හරි පින් කාරී
අඹ, දඹ, පේර, වැළ, වරකා, අන්නාසී
රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රාසී
පලතුරු ඉඳී සුවඳින් අමරස පෑසී
ගෙන දෙන්නේය මගෙ ලක්‌මව වෙත ආසී
සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැල්ය
මීමැසි බඹර මිණි මැද වැජඹෙන මල්ය
බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නිල්ය
පත් පියුමෙන් පිරි බබලන දිය විල්ය
අවකණ-ගල් වෙහෙර ඇති මහ පිළිම කැණු
සූකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලුණු
සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණු
ආඩම්බරයි ලෝවා මහ පහයෙ කණු
වළවේ දෙනුන්හට කිරි හැම දිනම එරේ
වන්නියෙ බැඳෙන මීවද පැණි බිමට පෙරේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තුරේ
පොළවේ මැණික් උපදිනවා රතන පුරේ
රුහුණේ කුඹුරු සරු සාරයි එක හීයයි
මින්නේරියේ ජනපදයයි වෙල් යායයි
රජරට පලාතේ පමණක් වැව් සීයයි
මේවා බලන්නට මෙන් ඉර හඳ පායයි
පේරාදෙණිය, හග්ගල මල් උයන් සරු
දුම්හිඳ වගේ මහ ඇලි දිය කදින් පිරු
මැද මහනුවර දළදා හිමි සඳුන් ගරු
නව තඹ පාට වැල්ලක් හැම තැනම දිසී
දිවයින මගේ මුළු ලෝකය කරන වසී
දණ බිම ඔබා නිතර ම නැමදුමට නිසී
2. පැරණි කවියකු මේ වර්ණය කළා නම් ඔහු කියනවා ඇත්තේ කෙසේද ?
3. මාතෘභුමියේ සෞභාග්‍යය හා සෞන්දර් නඟා පෙන්වීමට ඔහු ගත් වෙහෙස කොතරම් දුර සාර්ථක ද ?