සතර වරම් දෙවියනි මට වුණු අවුලා
නිතර සුළං හමමින් පැල බිම වැටිලා
අලියා කයි පසක කිරි වැදි ඉරිඟු බලා
දෙවියෝ ඇතොත් අලියා පල හිමය බලා
කල්යානෙන් පමණක් මෙලොව ඉපදුණා
විඤඤානේ පිංකරගන්ට නොලැබුණා
අඤ්ඤානේ ඇති දෙවියන්ගේ හටනා
ගොඩ දුන්නොත් දෙවියන් හට වැඳ පුදනා
ගතුර ගල් ගතුර හෙගෙ මානේ තුවර
මතුර යගෙ මතුර දුන ගෙන්නා කවිර
කතර විමට ගෙර සැන දෙන කුතර අර
ගතර කම වැවිදු දෙද වට හෙර ගෙදර
පර අම්මා කහඹිලියා කොල වාගේ
කයි මදුලු කයි මදුලු වැල මදුලු
මාත් ගෙදර එන්නා නම් කයි මදුලු
වැදූ මවක් නම් දීලා කයි මදුලු
පර අම්මේ මේ බලපන් එන කඳුලු
අප්පච්චි දොරකඩ කිතුල වාගේ
අපෙ අම්මා ඒ කිතුලේ මල වාගේ
පර අම්මා පරලොව හතුරෙක් වාගේ
පර අම්මා කහඹිලියා කොල වාගේ
අපේ කුඩම්මා දරු දුක නොදන් දැයි
හැන්ද පුරා බත් හැන්දක් නොදෙන් දැයි
නිලි වැස්‌සේ තෝ පල පල කියන්නේ
මේ දුක බලා අපෙ අම්මා නේන් දැයි
කරල් කපා වෙල් අත යන ගිරවුන්ට
පිපි මල් සොයා කඳු අත යන බමරුන්ට
පොකුණු හතේ දිය කෙළිනා සේරුන්ට
දුටොත් කියව් අපෙ අම්මට මෙහෙ එන්ට
කුකුළා නැති ගෙදර එළි වෙනවා නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ
අමීමා නැති ගෙදර පණ යනවා නොදැනේ
යන්නේ කවදාද මවුපියො දකින්නට
ගුගුරලා නොවෙද මහ වැසි වසින්නේ
ඒ වැස්‌සට ඇයි ළඳ නුඹ තෙමෙන්නේ
වෙහෙස වෙලා නුඹ වීරිය කරන්නේ
දුක හිතිලා ළඳුනේ මට කියන්නේ
පාට සතර සක්‌වළ මෙර තියෙන්නේ
මිට අතර සැම දෙවියෝ සිටින්නේ
රෑට නෙතට නින්දක් මට නොඑන්නේ
කාට මගේ දුක තව මම කියන්නේ