ආදර ගුණ වඩන මාගේ මිතුරාට
කවි දෙකක් සැදුවේ හදවත දනවාට
සතර වරම් සැම දෙවි පිහිටයි නුඹට
ඇවිත් යන්න එනවද මිතුරෝ මෙහෙට
ආදර ගුණ වඩන සුදු නංගී වෙතට
කවි දෙකකුත් හැදුවේ සිත දනවාට
ඔබගේ සුදු මුහුණ මට බලන්නට
ඇවිත් යන්න එනවද නංගී ගෙදරට
නංගී ඔයා නැති පාලුව දැනෙන්නේ
නුඹ කිව් රස කතා මට දැන් සිහිවෙන්නේ
මගෙ නෙත් දෙකෙන් එන කදුලෙන් තැවෙන්නේ
නංහි නුඹ නිසා මම දුකසේ පසුවෙන්නේ
පාර බලා ගෙන ඉද්දීත් දවස පසුවුණේ
නෑර නෙත් කදුළු එන්නේ ගලා ගෙනේ
ආහර උයා ගෙන සිටිමින් බලා ගෙනේ
පාර මතක නැතුවද සහෝදරයනේ
සහෝදර මගේ පොඩි අයියා වෙතට
සාර මෙපද පවසන්නේ දැනගන්ට
සහෝදර සෙනේ අත් ඇරියාද මට
සහෝදර වරෙන් මට පෙනිලා යන්ට
අප බාරයි සත්පත්තිනි දෙවියන්ට
ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
සඳ බාරයි සද වට යන සාවුන්ට
මල බාරයි මල වට යන බමරුන්ට
අප බාරයි සත්පත්තිනි දෙවියන්ට
ඊස්‌වර දෙවිදු ඉස පිටය දරාගෙන
දල කඳ කුමරු දෙව්රේ දරාගෙන
නව ග්‍රහ දෙවියන් මම සිහිකරන
මෑතක නොසිට පලයන් යකු බුද්ධ අණ
එගොඩ ගොඩේ ඇතු සිටිනා නිවානේ
මෙගොඩ ගොඩේ දළ සේනා නිවානේ
ඇතුන් බදින්නට ඇඹරෙව් යඹානේ
මංගර දෙවිට බාරයි මගෙ පරානේ
උතුරෙන් බිරම ඇල්ලූවයි මරගලට
කතුරෙන් කපන සේමයි බීරම සුළඟට
යතුරුලාපු ගල් දොරවල් ඇරුනාට
මිතුරු නාථ දෙවි බැසපන් මරගලට
පතුර ගල් පතුර මගෙ හේනේ වතුර
යතුර මගෙ යතුර ගෙන දුන්නා විතර
විතර කමට සැරගෙන දෙන අතර තුර
කතරගම දෙවිදු වැඳ හෙට වර ගෙදර