* දැනට සොයාගෙන ඇති ලෝකයේ පැරණිම සිතියම ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 2800 දී පමණ ජීවත් වු මෙසපොතේමියානු ජාතිකයෙකු විසින් මැටි පුවරුවක තමාගේ ගෙවත්තේ පිහිටීම දැක්වීම සඳහා යොදා ගත් සිතියමකි. පහත රූපයේ දැක්වෙන්නේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කෞතුකාගාරයක දැනට තබා ඇති එම සිතියමයි.
* ග්‍රීක විද්‍යාඥයෝ විසින් මුල් වරට පෘථිවිය ගෝලාකාර යන සංකල්පය ඉඳිරිපත් කොට එය 3600 කට බෙදා දැක්වීමට කටයුතු කිරීමත් එමඟින් සිතියම් සම්පාදනය උදෙසා විශාල රුකුලක් ලැබීම.
* ක්‍රි.පූ. 3 වන සියවසේ විසූ ඉරැටොස්තීනස් විසින් පෘථිවියේ විශාලත්වය ගණන් බලා එකල දැන සිටි ලෝකයේ සිතියමක් සකස් කිරීම. මෙම සිතියමේ ශ්‍රී ලංකාව ද ඉන්දියාවට ආසන්නව දූපතක් ලෙස දක්වා තිබීම විශේෂත්වයකි. පහත දැක්වෙන්නේ එම ලෝක සිතියමයි.
* ක්‍රි.පූ. 150 දී පමණ ජීවත් වු නක්ෂත්ර විද්‍යාඥයෙකු හා භුගෝල විද්‍යාඥයෙකු ලෙසත් ප්‍රසිද්ධ ක්ලෝඩියස් ටොලමි විසින් "ටොලමිගේ ලෝක සිතියම" නමින් ප්‍රකට වු සිතියම නිර්මාණය කිරීම. මෙම සිතියමේ ශ්‍රී ලංකාව ද "තප්රබානා" නමින් දක්වා තිබූ අතර ඉන් පැහැදිලි වන්නේ ඉතා ඈත අතීතයේ දී පවා අප රට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව තිබූ බවයි. පහත දැක්වෙන්නේ ටොලමි විසින් අඳින ලද එම ලෝක සිතියමයි.
* චීන, ඉන්දියානු හා අරාබි ජාතිකයන් ද සිතියම්කරණය සඳහා මහත් සේ ආයක වු අතර එහිදී චීන ජාතික චැං හෙං ටොලමිගේ සමකාලිකයෙක් ලෙස ප්රකටය.
* ලෝක සිතියම් සකස් කිරීමේදී පුරෝගාමින් වශයෙන් ග්‍රීසියේ හෙක්වායස් (ක්‍රි.පූ. 550-478) ක්ලෝඩියස් ටොලමි (ක්‍රි.පූ. 160-90) ටයිරේහි මැරිනස් (ක්‍රි.පූ. 100) ස්වීඩනයේ බලාවුස් මැග්නස් හා ටොස් කැනලි (ක්‍රි.ව. 1500) විශේෂයෙන් සඳහන් කළ හැක.
* 16 වන සියවසේ අග භාගයේ දී හා 17 වන සියවසේ දී යුරෝපයේ ඇති වූ පුනර්ජීවනය හා දේශ ගවේශණ කටයුතු සඳහා වඩාත් නිවැරදි ලෙස සිතියම් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වීමත් ඒ සඳහා උනන්දු වු ඔව්හු පැපිරස්පත්ර, හම්පොතු, මැටි පුවරු ආදියෙන් සිතියම් කෙටීම වෙනුවට පිත්තල හා තඹ තහඩුවල සිතියම් කපා ඉන් පිටපත් ගැනීම ආරම්භ කිරීම.
* ක්‍රි.ව. 1529 දී පෘතුගීසි ජාතික රිබේරෝ විසින් වර්තමාන ලෝක සිතියමට සමාන ලෝක සිතියමක් සකස් කිරීම. පහත සිතියම් වලින් දැක්වෙන්නේ එම වකවානුවල ජීවත් වූ සිතියම් විද්‍යාඥයන් කිහිප දෙනෙකු විසින් නිර්මාණය කළ ලෝක සිතියම් කිහිපයකි.
ක්‍රි.ව. 1500 දී ලාකොසා විසින් නිර්මාණය කළ ලෝක සිතියම
ක්‍රි.ව. 1506 දී කොන්ටාරිනි විසින් නිර්මාණය කළ ලෝක සිතියම
ක්‍රි.ව. 1507 දී වර්ඩ් සී. මුලර් විසින් නිර්මාණය කළ ලෝක සිතියම
ක්‍රි.ව.1529 දී රිබෙරෝ විසින් නිර්මාණය කළ ලෝක සිතියම
* සිතියම් විද්‍යාවේ වැදගත් ම සිද්ධියක් වන්නේ මර්කේටර්ගේ ලෝක සිතියම සම්පාදනය කිරීම වන අතර එම ලෝක සිතියම පහත දැක්වේ.
්
ගමක සැලැස්මක පෙන්වන පැරණි සිතියම
* පෘතුගීසි යුගයේ දී අඳින ලද කොළඹ වරායේ සිතියමක් පහත දැක්වේ.