32 වන පිටුව
 

බමරු අඬන්නා කඳු අස නෙළුම් මලේ
බමරු පිට දෙබරු නාඩන් ද මොර මලේ
මුතු කුඩ සේ රැලි අල්ලා බඳිති ගෙලේ
පැදලා කපාපන් රූසිරු ගොයිඳු හෙලේ


කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල බලා
මන්දෙන් බඳින්නේ අසු නොවන වල් කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම් දුරින් දුරා
යන්නෙමි මල්ලියේ සඳගල වැටෙන තුරා


අහසේ ගොසින් තරු යට සැඟ වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැඟවුණාදෝ
මූදේ ගොසින් රළ යට සැඟවුණාදෝ
බමරිඳුනේ උඹ කොයි රට ගියාදෝ


අහසේ ගොසින් තරු සැඟවුණත් වරෙන්
පොළොවේ ගොසින් වැලි යට සැඟවුණත් වරෙන්
මූදේ ගොසින් රළ යට සැඟවුණත් වරෙන්
බමරිඳුනේ උඹ කොයි රට ගියත් වරෙන්


ඔතන ඉඳින්නා මෙතැනට පෙනෙන්නා
ඔතැනට එන්න මගෙ සිත කර තැවෙන්නා
කතා කරන කටහඩ කන නොවැටෙන්නා
හයියෙන් කතා නොකරන් පපුව දන්නා


ආක්‌ක්‍රමන් දික්‌ක්‍රමන් අධිපති බඩ රෑන් ගෙලේ
දික්‌ක්‍රමන් ලෙසට උස වැඩුණාය එම ගලේ
ලොවේ සේනාව වැඳ වැටුණාය පුර බලේ
අපිත් යමව් බලන්න බඩ රෑන් ගලේ


අක්‍රම දික්‍රම අදිපති වැඩ රෑන් ගල
දික්‍රම ලෙසට උස වැඩුණයි රෑන් ගල
ලොවේ සේනාව වැඳ වැටුණු පුර බල
අපිත් යමව් බලන්න බඩ රෑන් ගල


හේළි හෙළේ හෙළ වටකරැ කැවිල්ල
ගල් නළලේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැදි යන කොට කරැකැවිල්ලා
මඩුගම හෙළ බලතොත් මෙහි වරෙල්ලා


තව නවා බමර අතු අඟ යන කලට
නැමී නැමී කඳින් බරවිය අතු අගට
වදේ කඩාලා බැරිවුණි බාන්නට
මුලෙන් කඳ බිඳුණි දෙන්නගෙ කරුමයට


උල්ලා පොල් ගමට එන්නේ වස බමරූ
වෙනත් ගම් වලට එන්නේ හොඳ බමරූ
මළකඳ බලන්නට එන්නේ රඳළ වරූ
අම්මගේ හිතේ දුක්‌ නලවන්නේ කවුරූ


වරා ගමේ හොඳ රූසිරු පනික්‌කියෝ
උල්ලා පොළට ගස්‌ කැපුමට යන්න ගියෝ
පීරාලා බැඳි කොණ්‌ඩය හෙළා පියෝ
බමර ගසින් වැටුණලු ඒ පනික්‌කියා

(c) Shilpa Sayura Foundation 2006-2017