බුද්ධ වරෝ වරෝ වරං
ධම්ම වරෝ වරෝ වරං
සංඝ වරෝ වරෝ වරං
මෙකලිවිතට ධාතු වරං
කෙවිට රැගෙන දක්‌කාපන්
පට්‌ටියට ඇවිත් අං මිටි තළයි ගොනා
කිට්‌ටු වෙන්න බැරි පිඹලා දුවයි ගොනා
මට්‌ටුවකුත් නතෙ;ව සිත්සේ සැදුණ ගොනා
තුට්‌ටුවක් දෙන්න බැඳලා දියන් ගොනා
කන්ද නගින කොට දෙවියනි බඩ යනවා
තැන්නට නගින කොට ඒරිය උඩ යනවා
පල්ලම් බහින කොට අතපය වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙව්දුට නොපෙනෙනවා
බොන්න වතුර නැත දිව-කට වේලෙනවා
කන්න දෙයක් නෑත මගෙ කුස වේලෙනවා
පල්ලම් බසින කොට අතපය වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙව්දුට නොපෙනෙනවා
සක්‌සඳ සකඳ අපි මේ පාරේ යනවා
මක්‌කල බඳට ගොන් බානක් දක්‌කනවා
පෙලින් පෙලට රෝදේ පෙරලී යනවා
දැත් කැපුමට අපි කුරුණෑගල් යනවා
රෝද දෙකට තෙල් දාපන් කැරකෙන්ට
අං සතරට තෙල් දාපන් දිලිසෙන්ට
ගොන්ගෙ කරේ මිණි බැඳපන් හඬයන්ට
කෙවිට රැගෙන දක්‌කාපන් අප යන්ට
එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ඳ ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
අනේ මගේ රන්මුතු වල්ලියා ගොනා
කපු කටිමු
පුරා තියෙන වළු පෙට්‌ටිය තිඹ දෙල්ලා
අඩුව තියෙන වළු පෙට්‌ටිය කැට පල්ලා
ගෙනා දළු බුලත් සුරත ට කාපල්ලා
විඩා බෝයි අම්මා හූ කැටිල්ලා
උන්ඩි වෙන්ඩි උන්උනඑන ගමනකට
මන්ඩි ගැසීලා ඉන්නා මොවාවට
කලක් පහන් කල කෙතලක් ගෙනාවට
පණ්‌ඩිත නඟාලා එනවද කටිනයට
උඹේ ගෙදර සියමුතු පෙට්‌ටියේවලූ
මගේ ගෙදර තලකොළ පෙට්‌ටියේවලූ
දැන් සමහරු දුම්මැස්‌සේ තියෙයිවලූ
අදෙන් තීන්දුයි සියමුතු පෙට්‌ටියේවලූ