දැති දැති දැන් කුමන දැතී
කැටිපිලි නික දෙමට දතී
රන් දැති රිදී දැතී
වැඩවෙන කමත දැන ගතී
ගොනා නිකන් බගිඩි බතේ
උගෙ කන්දෙක වෙහෙර හතේ
වෙහෙර හතක උස මහතේ
කැලණි වෙහෙර උසට බැතේ
කොලේ....අම්මා.....කොලේ.....හෝ....හෝ....
උඩ දරහඬ උඩ කමතේ
බිම දරහඬ බිම කමතේ
අටුකොටුවල තිබුණ බැතේ
අද පුරවන් මේ කමතේ
කොලෙ....අම්මා....කොලෙ....හේ...හේ....අම්මා..හෝ...හෝ...
ඇතාත් දුට්‌ම් බැතාක් දුටින්
බැත පිට ඉඳ මුහුද දුටින්
මුහුදේ ඔරු පාරු දුටින්
වැඩවෙන කමත දැන ගනින්
හෝ....හෝ.....අම්මා.....හෝ....හෝ....
අත්ත මොර අත්තෝ
කොරවකු නෙළුම් අත්තෝ
හොඳයි දැන ගත්තෝ
හොඳයි කමතට බෝල්ලු ගත්තෝ
කොලේ.....අම්මා....කොලේ....දහ...දහ..
ගොනා නොවෙයි ගොන් රජුනේ
ඌ කරලන මිණි බරනේ
මිණි බරනේ කොළ බඳිනේ
යහපත් කොළ දක්‌කන්නේ
හෝ...හෝ....හෝ....අම්මා....හෝ...හෝ....
ගොනුගේ පයේ රන් තැටිල්ල
උඹේ පයේ රිදී තැල්ල
කමත වටේ කරැ කැවිල්ල
දනක් එරෙති ආරේ වැල්ල
බුදුන් වඩිති රන් වැල්ලට
ඇලිගොන් දහසක් අරගෙන
මේ රන්වැලි අපි ඇරගෙන
බුදුන් වඩිති අපෙ කමතට
හෝ...හෝ...අම්මා....හෝ....හෝ....
ඇතත් දුටින් බැතත් දුටින්
බැත උඩ ඉඳ මූද දුටින්
මූදේ කරදිය වලල්ල
දනක් එරෙයි ආර වැල්ල
අත්ත හොඳ අත්තා
හොදයි ඇන ගත්තා
කොරවක් නෙළුම් අත්තා
හොඳයි කමතට අරක් ගත්තා
ගොනුගේ පයේ රිදී විල්ල
නුඹේ පයේ රන් තැටිල්ල
ගොනු කරලන මිණි මඩුල්ල
කමත වටේ කරැකැවිල්ල
බුදුන් වඩිති රන් වැල්ලට
ඇලිගොන් දහසක් අරගෙන
ආර වැලිත් පටවා ගෙන
දැන් වැඩියෙන් මකලිවිතට
කරාත්ත යනවා හොඳලු
පවසන්නේ බුදු ගුණ ලු
වළඳන්නේ පල රසලු
කරලෙන් යා දැන් බෝලු
හෝ...හෝ...අම්මා....හෝ....හෝ....කොල මුදුනේ යන් අම්මා...
කමත වටේ ඉරි අඳිති
ඒ මැද අළුවන් වඩිති
ගොවියා වට ඇවිද ගතී
මෙකලිවිතේ ධාතු ඇතී