27 වන පිටුව
 

අංදෙක රං බන්දඤ්ඤයි
කං දෙක මෙවර ලඤ්ඤයි
කිනරේ මුතු අමුණඤ්ඤයි
යහපත් කොළ මඩවඤ්ඤයි
හෝ........හෝ........අම්මා.....හෝ......හෝ....


මේ කමතා කය කමතා
පසේ බුදුන් ගේ කමතා
පසේ බුදුන් දුන්නු බැතා
                           අද පුරවන් මේ කමතා


මේ කමතා කය කමතා
ගණ දෙවියන්ගේ කමතා
ගණ දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
හෝ....හෝ......අම්මා......හෝ....හෝ.....හැරීලා.....


මේ කමතා කය කමතා
සඳ දෙවියන්ගේ කමතා
සඳ දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා


මේ කමතා කය කමතා
ඉර දෙවියන්ගේ කමතා
ඉර දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
හෝ......හෝ.......අම්මා......හේ.....හේ......දහ.....දහ....


ඉත්ත රුදාවයි නොසිතන්
පත්ත රුදාවයි නොසිතන්
දැත්ත අතෙන් තොර නොකරන්
මුත්තා දැක වැඩ බෝවන්
හෝ....හෝ....අම්මා....හෝ.....හෝ....කොළමැද පාගයන් අම්මා....


කැලිය අතු නොකනවටා
මදුවැල් බැන්දේ උඹටා
මේ හොඳකන් කළ උඹටා
කොළ බඩවා දියන් මටා
හෝ.....හෝ......අම්මා.....හෝ....හෝ....


අං දෙකට ඇති සෙණේ
කං දෙකට බෝ වුණේ
වලිගේ ද කොට වුණේ
කුමන ලෙඩ දෝ පත්ත බැහුණෙ ?
හෝ....හෝ....අම්මා....හෝ.....හෝ...


අරටු අරටු දෙකක්‌ ඇතේ
රවල බලන දෙකක්‌ ඇතේ
පවන් සලන දෙකක්‌ ඇතේ
වටේ ගහන එකක්‌ ඇතේ


අරටු අරටු දෙක අං දෙක නොවෙයිද?
රවල බලන දෙක ඇස්‌ දෙක නොවෙයිද?
පවන් සලන දෙක කන් දෙක නොවෙයිද?
වටේ ගහන එක වල්ගය නොවෙයිද?
කොලේ අම්මා.....කොලේ....හෝ....හෝ.....අම්මා....හෝ....

(c) Shilpa Sayura Foundation 2006-2017