23 වන පිටුව
 

කපති කුරක්‌කන් කයියක්‌ සැදීලා
උයති බත් මාලු හිමියා ගෙට වීලා
දමති මාලුවට දඩමස්‌ කපාලා
අඬති! මෙළඳ මස්‌ දැම්මා කපාලා


අව්ව තද බෝය මැන්දින් මසට කතේ
උයා බත් මාලු හැම කල් ඇත්ද කතේ
කියා වචන බස්‌ බෝවෙයි ලොවට කතේ
තිගෙ මව්වෝ තී හැදුවේ කොහොම කතේ


කුරක්‌කන් රුසිරු රුසිරි කුරු දෙතනේ
මලක්‌කන් සේම ඇවිදින් තිබෙයි තනේ
නරක්‌කන් මෙහෙම නොකියන් මට ළඳුනේ
කුරක්‌කන් තදින් නොකොටන් වැටෙයි තනේ


නොබලන් ඔහොම කවි පද කර කීවාට
පෙර සිට පැවති එන බොඳුනෙකි කුරක්‌කන්
පවටත් අසුවෙලා මම විඳින දුක්‌ දැන්
වැටුණ ත් තනේ නොකොටා බැහැ කුරක්‌කන්


ඌරු මාලු දුම් මැස්‌සේ වනාලා
අපට කන්න පුරුල කඳ හතු උයාලා
ආවට  වෙනුව මෙ ඉස්‌සර කපාලා
යමව් ගෑණු අර ඉස්‌සර දමාලා


කුරක්‌කන් කපන ගෑනුන් ගේ සැටියා
මෙහෙම කුරක්‌කන් අපි දුටුවේ නැතියා
අද දවසේ මේ අව්වේ පිට කකියා
ගමගේ නුඹව පල් බඩගින්නේ බැරියා


කුරක්‌කනේ පිටි පෙට්‌ටිය හිසේයා
රත්තරනින් රන් මාලය කරේයා
අළුත බැදපු පුස්‌කොළ දෙක කනේයා
අමන්පල ළමා දිවිදෙන බඩේයා


ගල් ගල් කුරක්‌කන් පැසුනේ පුත නුඹට
මල් මල් කුරක්‌කන් පැසුනේ පුතා මට
මල් කරලද කිරි පෙව්වේ පුත නුඹට
ඔන්න පුතේ මල් පෙට්‌ටිය පුටුව පිට


කපා කුරක්‌කන් කමතේ ගොඩ කෙරුවා
හපා මල බුලත් කමතේ කෙළ ගැසුවා
උයා බත් මාලු අම්මා ගේ තැබුවා
හේනෙන් ගමට එන විට අලියා ගැසුවා


එක්‌ පෙති දෙපෙති මගෙ හේනේ කුරක්‌කන්
තුන් පෙති වෙන්න කව්දෝ කළ තරක්‌කන්
මඟ යන්නො මට සරදම් කියන්නන්
ලජ්ජාවට කප නෑනෝ කුරක්‌කන්

(c) Shilpa Sayura Foundation 2006-2017