අඬාලා ගොසින් අල්ලා ගනින්දෝ
නමාලා බෙල්ල ටොක්කක් අනින්දෝ
සිවුපද කිව්ව කට දෙකොණට ඉරන්දෝ
සිවුපද කිව්වාට ටොක්කක් අනින්දෝ
එබටු දෙබටු තුන බටු සාරපස් බටු
නියන් කලට මල් සැදෙනා තාර බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ බටු
සිවුපද කියන්නට බැරිනම් අහන් හිටු
කැලේ ඉනන වල් අලියා සුරුවමට
දියේ ඉන්න කුඩ මැස්සා පීනුමට
තාන් රෙද්ද පොරවන්නේ සීතලට
මයෙන් නුඹට සිවුපද ඕනෙද ණයට
ඉර බැන්දෙන් ඉර අතකට වෙන් වෙන්ඩ
සඳ බැන්දෙන් සඳ අතකට වෙන් වෙන්ඩ
මල බැන්දෙන් මල අතකට වෙන් වෙන්ඩ
මුව බැන්දෙන් තව සිව්පද නොකියන්ට
එගොඩත් බැලිමි එගොඩත් ඒ අතීපති
මෙගොඩත් බැලිමි මෙගොඩත් මේ අතීපති
දෙගොඩම බැලිමි දෙගොඩම ඒ අතීපති
තොගෙ සිවුපදට මගෙ සිවුපද දිසාපති
ගල වටකර ඇවිදින්නේ කුඩු මැස්සා
මල වටකර ඇවිදින්නේ මී මැස්සා
නිළි වැස්සේ වල් කන්නේ එළ වස්සා
සිවුපද කියන කට ඉලි පත්තෙත් පිස්සා
විදාගමුවේ මැතිඳුන්ගේ හරක් හොරා
නාගමුවේ ඇත්තන්ගේ පීලි හොරා
තොටගමුවේ ඇත්තන්ගේ තලප හොරා
තට මොන සිවුපද ද හැම රට කුකුල් හොරා
එගොඩත් බැලිමි එගොඩත් ආන මාලු
මෙගොඩත් බැලිමි මෙගොඩත් ආන මාලු
දෙගොඩ බැලිමි දෙගොඩම ආන මාලු
තොපෙ අම්මාට රඳවෙක් බොහොම යාලු
එගොඩත් බැලිමි එගොඩත් සුදු කෝප්පේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් සුදු කෝප්පේ
දෙගොඩෙම බැලිමි දෙගොඩම සුදු කෝප්පේ
කොයිද මෙතැන සිවුපස කවි බාප්පේ
එගොඩත් බැලිමි එගොඩත් පැල් රකින්නේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් පැල් රකින්නේ
දෙගොඩෙම බැලිමි දෙගොඩම පැල් රකින්නේ
කොයි කවදා ද ගෑණුන් පැල් රකින්නේ