20 වන පිටුව
 

බින්තැන්නට දපෙ ගම හොදටම කිට්‌ටුයි
සිවුපද කියන්නට මම නම් පාරට්‌ටුයි
සිවුපද කියන මම නම් හොදටම කෙට්‌ටුයි
සිවුපද නොවෙයි කවියෙන් කිව්වත් ඔට්‌ටුයි


වැට දිග හදන්නේ පැලවෙන වැටකෙයියා
හමගෙන පොලන්නේ වැටෙන දාසෙයියා
දැතට බඳින්නේ වැඩෙනා ඉසකෙයියා
මා අත තිබෙන්නේ සිවුපද කොක්‌කන් පයියා


දියපිට


ඉරටත් එපිට ඉර දෙවියන්නෙන් එපිට
සඳටත් එපිට සඳ දෙවියන්නෙන් එපිට
මහ සම්මත රජ්ජුරුවන්ගෙන් එපිට
ඊටත් එපිට සිවුපදයක්‌ කියන් මට


ඔට්‌ටු ඡන්දං රාලගෙ කුරු කුඤ්ඤං
ඔට්‌ටු කවිචි එක නූලේ විය කුඤ්ඤං
පලල් නැතුව දිග පටුකර  විය කුඤ්ඤං
කුඤ්ඤං කියන සිවුපදයක්‌ මටත් කියන්


එකට එක්‌රියක්‌ දෙරියන් තුන් රියන්
හතර පස්‌ රියන් හයරියන් හත් රියන්
අට නව රියන් දහ එකොළොස්‌ දොළොස්‌ රියන්
දහතුන් රියන් දිග ඇති සිවුපදේ කියන්


ඉරේ රුවට ඉර වට කෙළින ගිරවියේ
සඳේ රුවට සඳ වට කෙළින සාවියේ
මලේ රුවට මල වට කෙළින බමරියේ
සිවුපද උපත අහපන් සෑම දේවියේ


අහස උපන් තැන සකි නුඹ දන්නවද?
පොළොව උපන් තැන සකි නුඹ දන්නවද?
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද?
සිවුපද උපන් තැන සකි නුඹ දන්නවද?


අහස උපන්නේ අස්‌විද නැකතින් නොවේද?
පොළොව උපන්නේ පුවපුටුව නැකතින් නොවේද?
මුහුද උපන්නේ මුවසිරි නැකතින් නොවේද?
සිවුපද උපන්නේ වීණාවෙන් නොවේද?


දෙරණ කලුගඟේ අතරේ සිටියාට
දෙරණ එකෙක්‌ කවි කිව්වේ කලු ගඟට
දෙරණ ඔප්පු කළ සිවුපද කිව්වාට
උරණ උනොත් දිව ඇදලා කපන්නේ


මම නම් පොඩි කෙනෙක්‌ කාටත් වැටහෙනවා
කවියක්‌ කියන්නට අවසර ඉල්ලනවා
නැති බැරිකම තමයි මේ ලෙස කල්යනවා
සිවුපද කියන්නට අවසර ඉල්ලනවා

(c) Shilpa Sayura Foundation 2006-2017