17 වන පිටුව
 

පැල්කවි කියන අය කවුරුත් වරෙල්ලා


නුගපත් නුඟ අරළු බෝ රජුන්ටයි
එම පත් දෙවි වසන සක්‌ දෙවි රජුන්ටයි
මිහිකත් අනඟ යුදයෙන් නඩු දිනන්ටයි
වැඳගත් තෙමි සරණ පැල්කවි කියන්ටයි


ඉර වර වර ඉර වර වර වළල්ලා
සඳ වර වර සඳ වර වර වළල්ලා
පැදි දියට බොර දියරත් වළල්ලා
පැල් කවි කියන අය කවුරුත් වරෙල්ලා


උණ ඳඩු කපන තැන උණ ඳඩු රිකිල්ලා
බට ඳඩු කපන තැන බට ඳඩු රිකිල්ලා
වතුර වැටෙන තැන හොල්මන් කුරුල්ලා
පැල් කවි කියන අය කවුරුත් වරෙල්ලා


ඉරු දෙවියන් ඉටු මුදුනින් වඩින තුරු
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින තුරු
ගණ දෙවියන් ගන අඳුරින් වඩින තුරු
පැල් කවි කියමු අපි ඉරුගල වඩින තුරු


අත්කොකු අවර කොකු නා කොකු දොඩම් මලී
කැන්ද කීණ ඉරිවේරිය දොඩම් මලී
ඉද්ද පරමල් ගිණිතිල් බුරුත මලී
සුවදැති මලට වටිනා එක පුවක්‌ මලී


කිරළ හිඹුටු වැල් කුඹුරේ පැලේයා
කිරළ ගඳට එයි ඌරෝ රැලේයා
කාතා නොකර නැගපන් ගොයි පැලේයා
කාතා කළොත් ඇඳගෙන යයි කැලේයා


තුඩ වැඩියා කර තැනුවේ දෑකැත්ත
කට බලියා ගෙන ඉන්දැයි දියකත්ත
කට නරියා නම් දෙඩුවේ බලුගැත්ත
මොට දැඩියා ගෙඩි කාපන් කෑඳැත්ත


සේවර දෙන්න රැව්ඳී ඉඳ සිතු සේනී
මේවර කරන ලෙස හිමි හට සිට රෑනී
වෑවර රුවැති යස මූණට යස  මානී
දෑවර හඩන හඬ මොකදැයි බක මූනී


බොහෝ කර කියමි මම කව් පද සන්න
බොහෝ දෙනෙක්‌ නැත දන්නේ මේ සන්න
සහෝදරවරුනි අයියා වරු දෙන්න
හූ හූ හූ බකමූණෝ දෙන්න


මිමින්නා වැව් වානේ යන කලට
බැල්ම වැටුනි වෙල මැද්දේ ඕලු මලට
කැත කුණු නැතුව පායන ඉර සඳ ලෙසට
පූජා කරමු ඕලු මල එන දෙපෝයට

(c) Shilpa Sayura Foundation 2006-2017