15 වන පිටුව
 

අඟහරුවා කුටකයා බොල යාලු
සකසුරුවා නිතරම ගමන් යාලු
කොළදළුවා නියගින් ආල පාළු
අඟහරුවා දාට වේලක වසී යාළු


සම්මායා කළ කාරිය අහපන්නේ
බුම්මායා දෝ බුම්මා ගෙන ඉන්නේ
නොදුන් දෙයක්‌ දෝ බුම්මාන ඉන්නේ


සුද්ද සඳුදාට වේලක වසින්නේ

                           කල්බලා නොවෙද ගොවිතැන්  කරන්නේ

වෙසක්‌ පොසොන් මස බිම් තෝරා ගන්ට
ඇසළ නිකිණි මස ඉල් පීරා ගන්ට
බිනර මහේ වැට කොටු සවි කර ගන්ට
වප් මස පුරා වපුරන් අටු පුර වන්ට


දොඩම් පොත්තෙ ඇල මේ වර ලැබේදෝ
ඉම දොළ මුල්ල මට අඳයට ලැබේදෝ
පස්‌ පෑලෙන් එක පෑලක්‌ ලැබේදෝ
ලබන යලට මට කුඹුරක්‌ ලැබේදෝ


දෙසිය පනස්‌ ගව්වක්‌ උසැති බඹ කැලේ
සසිය පණස්‌ ගව්වක්‌ වට කරපු කැලේ
මකුළු දැළක්‌ විතරට නැද්ද කාවලේ
ලකුණු කියමි යන්නට පුළුවන් ද කැලේ


අයියන්ඩි කොයි හේන ද කොටන්නේ
ගඟෙන් එගොඩ කටුකිරිදැයි කොටන්නේ
දවල් බතට මොන මාළු ද උයන්නේ
ලබ්බ කපා ලබු කරටිය උයන්නේ


වප් මස බිනර මස වපුරන බිජු මේවා
දුරුතු නවම් මස පායන තද අව්වා
ඵලළු මගේ පිට දනවා තද අව්වා
කාටත් නොවේ නෑනේ ඔබට කිව්වා


කැලේ කපා වැට බැන්ඳා කැත්ත දනී
කුඹුර පුරා දිය බැන්ඳා නියර දනී
සීත කකා පැල් ලැග්ගා පැදුර දනී
මෙදා යාලේ වී අඩුවා අටුව දනී


රෑනින් රෑන උඩ ඉගිලෙන කුරුල්ලනේ
බානින් බාන ගල් ගැසුවත් නොයන්නේ
පුංචි කටින් කුරු වී ගෙඩි තළන්නේ
මෙදා යලේ ණය නොකරමි කුරුල්ලනේ


පනා මුරේ ඇත් රංචුව ළංවෙනවා
විහ මිතුරේ වී අමුණ ම වනසනවා
කිරි අප්පුට බිත්තර වී ණය වෙනවා
මෙදා පොටෙන් අලායා මට බැට දෙනවා

(c) Shilpa Sayura Foundation 2006-2017