කිව්වට මංමුළා නොදැනේය පර තෙරා
කෑමට රස බොජුන් ඕනෑය මින් පෙරා
ගන්නට තෙල් සඳුන් පිණිදිය එකතු කරා
කෝනට නොසිට එන්නේ කොහොමද ගෙදර ඇරා
දෙවො වස්‌සතු
දුක් මුළාව සිත යට කර කැවෙන්නා
වක් කළ දෙයක් නම් උණු වී ම යන්නා
සක්‌වල දෙවියනේ බට උයන දන්නා
අහසට කවුද අනවින කොරපු දෙවියෝ
පොළොවට දැමූ බෝගේ දනවා දෙවියෝ
යායක රුව බලා වැඩ කරනා දෙවියෝ
අද හෙර පමණ වැස්‌සක් වැහැපන් දෙවියෝ
වැස්‌සක් වසින්නා බිම නොම තෙමෙම්මා
එවැසි වසින්නේ ගොවිපළට අම්මා
සබේ සිටි අයගේ සිතු නම්ම නම්මා
සැම දෙවි බලෙන් වත් වැස්‌සක් වසිම්මා
සිකුරු ගුවන් උඩුතලයේ වෙසෙන්නේ
වැපුරු බෝග අස්‌වනු පාලු වන්නේ
නපුරු මෙවන් කළ අගුණේ බොලන්නේ
සිකුරාඳාට වත් වේලක් වසින්නේ
උතුරෙන් වලා සැරිලා යයි මරගලට
කතුරෙන් කැපූ ලෙස යයි බීරං සුළඟට
යතුරු ලාපු වැහි දොරවල් ඇරෙන්නට
මිතුරු නාථ දෙවි වැස්‌සක් වසින්නට
මතින් ද කලු මතින් ද කලු මතින්දා
මතින් මතට කරදීලා උනින්දා
තගේ නමක් මම උදුරා ගනින්දා
වසින් වරුසාව බුරහස් පතින්දා
කල්පුරා නොවෙද බෝගේ වවන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
ලොව්තුරා බුදුන් නැතවද බොලන්නේ
සෙනසුරා වත් ද වැස්‌සක් වසින්නේ
නෙලා බටු පලා නිබඳව වෙල් එළියේ
සදා වැට කඩොලු තොපෙ රට නැද්ද ලියේ
මෙඳා නියඟ ලොව සැමටම ඇද්ද ලියේ
බදාදා වැස්‌ස වැහැපන් සිත් පිරියේ
සත් දිනේට මුල කවදා ද යාලු
සත් දිනේට මුල ඉරිදා ය යාලු
බැන්ද වැව් පොකුණු කුටට වේලෙයිලු
සුද්ද ඉරිදාට වේලක වසියිලූ
![](/sayura/images/logo2.png)