බසක් පෙර සිට ම කීවේ පසුවෙන්ට
තොසක් වඩන රති අගනක් ලැබගන්ට
රසක් මියුරු කීවේ මට දැනගන්ට
වෙසක් මස වරෙන් ළද ඇවිදින් යන්ට
තොසේ වඩන මමිතුරු ඇස්‌වති එකලා
විසේ සව නැටුම් කවි සිවීපද තෙපලා
තොසේ කර බැරිය යන නාද මිස තලා
කෙසේ එන්ද හිමියනි පෙරහැර නොබලා
පහන් කොණෙන් රිවි එළිවෙන තෙක් නිබඳා
එතන් තොසින් පියයුරු අල්ලමින් සොඳා
තොසන් වඩන මන දී සැපත ලොබ බැඳා
පොසොන් මස ඇවිත් යන්නර වරෙන් ළඳා
අසන් හැට හතර රති කෙළි පාරට්‌ටු
තොසන් වඩන මන දී සලෙලුන් මට්‌ටු
එතන් තොසින් හිමි මට කරවන ගැට්‌ටු
පොසොන් මස එන්ට බැරි පෙරහර කිට්‌ටු
කරෙන් කර වැළඳි රති බස් පවසන්ට
ඉරෙන් රිවි උදය වන තෙක් පසුවන්ට
ඇරෙන් කට බසක් නොකියන්න ළඳ මට
වරෙන් ඇසළ මස ළඳ ඇවිදින් යන්ට
කරවට පිපෙන ගෝමර කොඳ පෙති විලසා
ඉනවට ඇඳි සේල රැලි මුතු මාල ලෙසා
වෙන මට පිහිට තොපි අපි සමගි වි ලෙසා
එන්නට සුබ නැකත් ඇති ළඳ නිකිණි මසා
පිරිකුඹු වැන්න මාගේ ළමැද තිසරුවා
අමිතර කමින් මදරද විඳපු රති සවා
හරියට බින්න කියමින් ගරපු මාරුවා
බැරි මට එන්ට හිමියනි නිකිණි පාලුවා
බිනර මස තෙරිඳු වනමින් රැලි රැලිනේ
බිනර අමෝ බොන ලෙස මගෙ සිතු ලෙසිනේ
බිනර නොගොස් කෙළ කෙළ ඉන්නට යහනේ
බිනර මස වරෙන් මගෙ සුරතල් ළඳුනේ
ගාතා සැටි වරලස රැගෙන රස බසා
පීනා පයෝදර යුගනෙත් තරු විලසා
නේන්නට බසක් නොකියන්න හිමි මුසා
එන්නට බැරිය පසුකර මිස බිනර මසා
රන් රසේ වඩන මමිතුර නුඹ ළමැඳේ
මන් කෙසේ වඩන රති යුග පිරිස මැඳේ
දැන් සිතේ ආදරය නුඹ දුටුවාම සොඳේ
එන් ළඳේ මවෙත වප් මස ඇවිත් සොඳේ
![](/sayura/images/logo2.png)