11 පිටුව
 

යන්න හොඳයි කුඹුකන් ඔය වැලි යායේ
ඉන්න මෙමට කල් පසු වෙනවා පාරේ
දෙමාපියන් දෙන්නා දෙවියන් බාරේ
පාත රටට මම යනවා තිර සාරේ


ඊතණ වත්ත ගොඳ රුසිරි ගමයි බොලන්
වෙලට නැමුණු ඇඳ පොල් ගහ රුවයි බොලන්
ඉළන්දාරි කෙළ කෙළ යන ගමයි බොලන්
ඊතණවත්ත ඇරලා යන්ට බැරි බොලන්


එක එල්ලේ කඳු දෙපිටට දැන ගන්න
මංගල්ලේ හොඳ කටයුතු කරගන්න
ගල් මල්ලේ බැඳලා බැරි උස්‌සන්න
බොල්ගල්ලේ හිතුනා සැම කල් ඉන්න


අනේ කුඹුර බටු ගම්මන හිඟන්නා
කොතෙලේ බිඳපු ණය දිය දිය කියන්නා
යන යන තැනදි වැඩි වැඩියෙන් දොඩන්නා
ඉජ කොතලේ බටු ගම්මන හිඟන්නා


අලුත් වන බවක්‌ කවදාවත් ඇද්ඳ
දෙලුත් හබරලත් කෑමට පරසිද්ඳ
දැලිත් කොහොලැත් රෙද්දේ ඇලවෙද්ඳ
බලුත් නොවටිය උඩ පොත ගම්මැද්ඳ


කළු දිය වලේ ලුණු හංගන ඇපල කොටුවෙ ඇත්තෝ
ගෝන දෙනට සොකඩ බඳින වල්ගම්පල ඇත්තෝ
රෙද්ද නොදී හිර ගෙනියන පල පොලුවේ ඇත්තෝ
අමුඩ පොටින් පිට්‌ටු උයන තැමි බැවිලේ ඇත්තෝ


දොළොස්‌මහ සිව්පද


සොළොස්‌ තාන මුණුඳුන්ගේ අනුහසිනා
සලස්‌වමින් හිමයට සව්සිරි දෙමිනා
මූලස්‌ථාන දෙවිඳුන් සිහිකර වඳිනා
දොළොස්‌ මාසෙ සිව් පද පවසන් තොසිනා


සක්‌ සඳ ඇඳි ලපය මෙනි නුඹ පසු බානේ
නෙක්‌ රස බසක්‌ නොදැනෙයි මට අවමානේ
දුක්‌ සැප විඳගන්ට නිදි නැත මට යහනේ
බක්‌මස ඇවිත් පලයෙනි සුරතල් ළඳුනේ


පසේ සැර රැගෙන මද යුද පසු බානේ
එසේ බසක්‌ නොදැනෙයි මට අවමානේ
තොසේ විඳගන්ට බැරි නිදි නැති යහනේ
බක්‌මස ඇවිත් පලයෙනි සුරතල් ළඳුනේ


පසේ සැර රැගෙන මද යුද පසු බානේ
එසේ බසක්‌ නොදැනෙයි මට අවමානේ
තොසේ විඳගන්ට බැරි නිදි නැති යහනේ
කෙසේ එන්ද හිමියනි බක්‌ මස කෝනේ

(c) Shilpa Sayura Foundation 2006-2017