හෝඩියේ අකුරු
මහසත් මෙලොව සතහට කුළුණෙන් - කෙළ පන්සිය සැටකින් දැනගන්නේ
වෙහෙසත් නොවසැක සෑම සතහට වේ - මේව ඉගෙන ගෙන පවසන්නේ
රහසක් නොව ඇදුරෙහි අසනා ලෙස - මේ ලෙස දැනගෙන පවසන්නේ
දනිතොත් හෝඩියේ අග මුල තෝරා - දීලා මෙරගට බැසපන්නේ
හෝඩියේ ඇලපිලි කොපමණ දෝ සකි - ඉස්‌පිලි කොපමණ දෝ ඇඳුරු
ඉස්‌පිලි සමඟින් පාපිලි ඇලපිලි - ගැට කොපමණ ඇති දෝ ඇඳුරු
එවට ගහිනුකිති බිංඳු ගණන් කර - කොම්බු ගණන් කොපමණ ඇඳුරු
තනිකුරු සමගින් මෙකී ගණන් මට - තෝරලා පවසන් ඇඳුරු
ලොවට උතුම් හෝඩියේ ගණන් සකි - මේ සැටියෙන් ගැනලා බලනු
ඉස්‌පිලි හැට හතරක් ඇති සකියෙනි - පාපිලි හැත්තෑ දෙකට ගනු
ඇලපිලි හැට නවයක් ඇත ඇඳුරනි - ඇලපිලි ගැට හැට අටයි ඳනු
ඒවට ගහිනුකිති අසූ දෙකක් ඇති - කනේ පුළුන් ඇරලා අසනු
අන්තිම අකුරට කොමීබු ගණන් කර - හැත්තෑ දෙකකට ගැන ගන්නේ
එතන ම අකුරට බිංඳු ගණන් කර - අසූ දෙකයි සකි දැනගන්නේ
ඉස්‌පිලි පාපිලි නැති තනි අක්‍ෂර - දෙසිය දෙකයි සකි දැනගන්නේ
මෙගණන් කියමන බැරිවුණා ද සකි - දන ගහලා මට වැඳපන්නේ
ගම්බිම්
පින් ඇති කෙනෙක් එනකොට කරන කඩිමුඩී
දුම්මල හෙළේ යන්නට බැරිය හෙළ වැඩී
කම්මල තැනූ තැන බැලුවාම බොරවැඩී
දුම්මල හෙළට දැම්මා ඔන්න සුදුකොඩී
එක එල්ලේ කඳු සැදුනා දැකගන්ට
මංගල්ලේ හොද කටයුතු කරගන්ට
ගල්මල්ලේ බැඳලා බැරි උස්‌සන්ට
බොල්ගල්ලේ හිතුණා හැම කල් ඉන්ට
ගල මුදුනේ පැන නැගුණේ පින් බෝදී
මහපාරේ යන එන්නොත් වඳිති පෙනී
ළගට ගොසින් මල් පූජා කරති නැමී
මොනරාගල සැමටම වැඩියෙන් උතුමී
කඳේ සොඳයි මඩි බැඳගෙන ඇවිදින්ට
ගලේ සොඳයි තල අඩි බැඳගෙන ඉන්ට
බලේ සොඳයි ගුරුවරයින් ළග ඉන්ට
ඉතින් හොදයි උල්ලාපොළ නිදියන්ට
චඔක්‌කම්පිටිය සොඳ සුසිරි ගමක් බොලන්
වතුර දිය නාන උල්පත ළගයි බොලන්
අත්තේ පල ගත්තු මී අඹ රසයි බොලන්
ඔක්‌කම්පිටිය ඇරලා යන්ට බැරි බොලන්
එන්ට බැරිය දෙවියනි මැදගම වත්තේ
ගව්වක් ඉස්‌සරට එන මගෙ දුව නැත්තේ
මොන මොන කනිස්‌සල් ද මට දැනුමක් නැත්තේ
කොයි ද දෙයියනේ දූ මැදගම් වත්තේ