උතුං බුදුන්ගේ සස්නේ මහණව - දහමට ඇතුළත් නොවන එකා
නිකං ලොවෙන් දෙන සිවු පස ඇරගෙන - සිල් නොරකින දුස්සීල එකා
තමන්ට අඩු බඩු සපයා ගන්නට - සමාදමේ ඇවිදිනා එකා
මෙතුං ලොවේ හැම සතුං ට නීචයි - මෙහෙම උපා බස් යොදන එකා
තමන් ගුරුවර උවත් කෙලෙසා - නොයන් අන් ගුරුවර වෙතා
සවන් තම පුරවමින් අන් අය - කියති තම වෙත හොර කතා
එවුන් ගේ කියමන් ද ලියමන් - නොගෙන නොබලා බහු කතා
අනුන් ගේ බස් සිතේ නො රඳා - ගුරුන් බස් තබ මුදු තකා
මෙසේ දෙගුරුවර ළගින් ඇවිදින් උතුම් ගුරුවරයන් කරා
රසේ රන් බසේ දෙවමින් එසේ ළංකාර සිත පුරා
නොසේ ගුරුවර ළඟට කැඳවා කියති කියමන් නොම හැරා
ඉසේ පළඳන සිකා මිණි මෙන් සිතාපන් ගුරු බස් කිරා
තුන් දොර වසා ගෙනේ - නිතියෙන් - සිටියොත් කුමරු වනේ
තුන් කල එක ලෙසිනේ - පසුවෙයි - දෙලොව ම වැඩ වෙමිනේ
රන් කඳ ලෙස නිතිනේ - බබලයි - ඔහු ගත දිනෙන් දිනේ
පින් කොට ළදරුවනේ - තෙපි ගොස් - පැමිණෙව් දිව සිරිනේ
අන් සතු දේ නොගෙනේ - දෙගුරුට - උපයා දෙන් සොදිනේ
නන් රස කෑම ගෙනේ - තමතින් - දෙමව් පියන් ඇඳිනේ
ඉන් පසු තම රැගෙනේ - (ඉ)තිරි දෙය(ක්) - කා බී ගෙන සොඳිනේ
තලන් ලොව මෙවෙනි ගුණේ - පැතිරෙයි - දෙලොවට වැඩ වෙමිනේ
දෙගුරුන් පය වැඳලා - ගෙන අවසර - තම කටයුතු කරලා
පසුව ඇවිත් වෑඳලා - කටයුතු - කිමක් ද පිළි විසලා
උන් කී දේ කරලා - ගෙන අවසර - ගොස් පැන් උණු කරලා
ඇවිඳින් සිට වැඳලා - දෙගුරුන්හට ඒ පැන් නාවලා
නිතර ගුරුවර තදව රළු බස් කීවොත් එපමණකට සොඳේ
ඉතිර සව්සත නිතර පවතින නුවණ දෙන ගුරුවර සොඳේ
පවර සිරිමත් විකුම් අධිපති ඇඳුරු පද වැඳ සිතු ලෙදේ
මෙවර නුවණක් දෙවන් පබගෙන් විකුම් බලයෙන් සොමි සඳේ
තමතින් කුණු සකුණු - ගෙන ගොස් - දමමින් කැත නොවනූ
තම සිත කරපේනු - දෙගුරුවල - තම ඇස ලෙස රකිනූ
නිති උන්ගේ මුහුණු - පහදින - කටයුතු දැන කරනූ
ගුණ සමුදුර පීනූ - තොපට සිරි - සම්පත් වේ දිවුණූ
කළ හොත් මෙසේ දැනා - දෙගුරුන්හට දෙව් සැප සිදුව මිනා
දග පත් වෙති නිතිනා - ලොවහට - ඔහු උපදින සෑම තැනා
සිරිමත් ගුණ නිතිනා - සක්විති - රජ ඉසුරුත් ලබ මිනා
මෙම යුත් කුසලයෙනා - පැමිණෙව් - බුදු බවටත් සොඳිනා
ආල වඩන උතුම් ගුරුවරු ලවා මේ පොත අස්සවා සිට
මාල අබරණ ලමින් සියගත සතුටුවෙන් සැරසුණා විල සට
පාලනය කොට නිමද සතොසින් සිත තුලේ වු මෙබස හැම විට
බාල ඕවා දේ නමින් යුත් මෙ පොත කදිමයි ඉගෙන ගැන් මට