හත්වන පිටුව
 

දුදනන් සේවනයෙන් ද එලෙස ම මෛථුනයෙන් ද - රොදුක්‌ පැමිණීමෙන් ද බැරිවෙයි අකුරු ඉතින්
පරදර පව්කෙරුමෙන් ද රා අරක්‌කු බීමෙන් ද  - හොර මායම් කෙරුමෙන් ද පමා වේය නියතින්
උනුනුන් හා දබරින් ද බොරු පැමිණිලි කෙරුමෙන් ද - ක්‍රෝධ බහුල බැණුමෙන් ද ඉතා දුරුව සිටපන්
මෙ කියන දේ මෙලෙසින් ද දුරුව සිටින කුමරුන් ද - දෙවියන් බඹුන් විසින් ද රැක දෙත් බොහොම රුවින්


කාය කර්ම තුනකින් ද වාක්‌කර්ම සතරින් ද - මනෝ කර්ම තුනකින් ද දුරුව නිතර සිටපන්
තවත් අනත දුසිරිත්(5) ද මහත් නපුරු පාපෙන් ද - සතුන්ට වඳ දීමෙන් ද වැළක සිටව් සතොසින්
දෙවියන් ඇදහීමෙන් ද තද මිසදුටු ගැනුමෙන් ද - මසුරු දවස්‌ හැරුමෙන් ද නොසිටිව් සතුනි ඉතින්
මෙකියන දේ මෙලෙසින් ද සිතට පුරුදු කෙරුමෙන් ද - සඟ මොක්‌ සිරි ලබමින් ද සිතා හොඳට සිටපන්


අකුරු කියන කුමරුවන්ට මතු සිරිසැප පහළ - වෙන්ට පුවතර ලෙස පවතින්ට කියමි දැන ඇඳිනේ
නොවරද අකුරට වන්ට කී තැන ඉඳන් කියන්ට  - පාඩම ඇවිදින් දෙන්ට පෙරැදුරු කිම දෑනේ
කී ලෙස නොකරන උන්ට තද අව්වේ ඉඳු වන්ට - වැලි ගෙන ඔළුවේ උන්ට ඳඩුවම් කියා දැනේ
තවත් නොකීකරුවන්ට ගස්‌ බැඳලා බැට දෙන්ට - මෙකී අඩුව කරවන්ට පුළුවනි වරඳ දැනේ


හොඳ ලෙස හරිකර කන්ට එම ලෙස ඇඳ පළඳින්ට - නැති නම් සිල්ප උගන්ට බැරි නොසිතව්ව අනේ
අද බැරි අකුරට යන්ට ඕනෑ නැටුම් බලන්ට - නැතිනම් ගම්වල යන්ට කම්මැලි සිත රැගෙනේ
එලෙසට සිතන එවුන්ට බැරිවෙයි අකුරු උගන්ට - අලසව නිදි ගන්නන්ට නැත වැඩ ඉදිරි අනේ
කරුමෙට බැරි ගැළවෙන්ට නුවණැති අධම සතුන්ට - ඉගෙන ගැනුම් බැරිවෙන්ට මෙ මුල තමයි ඉතිනේ


අමුතු පිළි ගෙන ලා - ඉනකඩ - ගනිමින් මිරිකාලා
ගිනිගෙන දල්වා ලා - දෙගුරුන් - ගිනි මුල ඉඳුවාලා
ආසන සරසා ලා - හනිකට - එහි පිට ඉඳුවාලා
රසට බොජුන් ගෙන ලා - තමතින් - එගුරුන් වළඳවාලා


බුලත් සොයා කවලා - එවිගස - තෙල් ගෙන ගල්වාලා
ප්‍රිය තෙපුල් කියලා - වැඳ ගොස්‌ - තිබුණ දෙයක්‌ කාලා
සැතපෙන කල් ඉඳලා - පසු ගොස්‌ - (ලසුවම) සැතපීලා
අලුයම නැගිටිලා - දැහැටි පැන් - මවු පියනට දීලා


ගන්නා දේ හොඳ හැටියට මැන ගෙන - දෙන කල අඩු කොට මනින එකා
ගන්නා උපකාරේ හොඳටම (ඇර) ගෙන - කිසිවක්‌ නොගතමි කියන එකා
ඉන්නා මුත් රජුගෙන් තනතුරු ලබමින - නම් නායන් වී යයි එහෙම එකා
වන්නා ලෙස සර පහරක්‌ ඔහු දැක - සිත පෙම් නොකරවු එහෙම එකා


ගුරුන් දෙමව්පිය සහ සිල්වත් අය - රවටා ලෝකේ සිටින එකා
රජුන් ඇමති මහ මුදලිවරුන් සහ - රටලත්තුන්හට තිබෙන එකා
බුදුන් දෙසූ සොඳ සදහම් නාසා - අන් දෙවියන් හට වඳින එකා
උතුන් නොවෙයි ඌ නීචයි ලෝකේ - එනිසා කිව්වේ උ) නරක එකා


ඉඳලා ගුරුවෙත බිඳලා ඒ සිත - අහක්‌ උනොත් ඌ නරක එකා
රවලා ඇස්‌ දෙක ගුරුන් දෙමව්පිය - දෙස බැළුවොත් ඌ නරක එකා
මලලා ලෙස රුවිනුඳුලව සිටියත් - නපුරු ගුණේ ඇති එහෙම එකා
ඇඳලා සොඳ සළු බැඳලා රංපටි - සිටියත් දුරලවු නරක එකා


පැවිදි වෙලාවත් ගිහිව ඉඳන් වත් - බොරු කියතොත් ඌ නරක එකා
සිතේ තියෙන දේ වචනේ නොකියා - සඟවා ගන්නේ නරක එකා
බොහොම වචන නිරතුරුව ම කියමින් - බොරු දිවුරන්නේ නරක එකා
ලොවේ සතුන් වෙඑ වෛර වෙලා සිට - දුක්‌ පමුණන්නේ නරක එකා


තමන් අඹුව වෙන කෙනකුට දීලා - එය්න් රැකීලා සිටින එකා
නිකන් වෙළෙන්ඳන්ගෙන් බඩු ඇරගෙන - මුදල් නොදී රවටන එකා
උතුම් ගුරුන්ගේ බස්‌ නොසලකා - නිකං අයගෙ බස්‌ ගන්න එකා
ඇතුන් පයට වත් ගොම්බෙලි විලසින් - විනාශ වී යයි එහෙම එකා

(c) Shilpa Sayura Foundation 2006-2017