සෝඩිය පටන් ගෙන වන පොත් කරමි දැනා
පිල්ලම් කියා ඇල්පිලි අකුරු දැන ගෙනා
එම ලෙස වැලි පිලේ ලියමන් ද දැන ගෙනා
කියන් සකස්කඩ සොඳසේ ඉගෙන ගෙනා
ඉඳින සිටින යන එන සැතපෙන තැනද
කරන දිහිරි විහිරිය නොහරිව් හොඳද
නුවණ දෙන්ට ගණ දෙවියන් හට නොවැඳ
නුවණ එන්ට වැඳපන් තෙරුවන් නිබඳ
අරුණට පළමු නැගිට මුව දොවා සිටන
නමකොට තෙරුවන්ට බැති පෙම් වඩා තුට
අද හෙට ලැබෙන සක්විති ඉසුරක් ලෙසට
සිහියට රැගෙන උගනිව් අකුරු මතුවට
රිලවුන් සේ නිතර අත පය නොකරල්ලා
ඌරන් සේ නිතර කෑමේ නොවදිල්ලා
බීරන් සේ නොයිද කී දේ අහපල්ලා
ගොළුවන් සේ නොයිඳ හැම දේ කරපල්ලා
මෙසේ සොඳ ලෙසට කියවා ගෙන අකුරු
ඇසේ නින්ද නොලබා පාඩම් ද පිරු
රසේ මියුරු බස් තෙපලන ගුරු සපරු
විසේසයෙන් සැප විඳපල්ලා මිතුරු
අලස වෙමින් පාඩම් නොකියා ඉන්න
අයගේ අකුරු කීමේ නැත සුපසන්න
අවපස දිනෙන් දින පෙනෙනා සඳවැන්න
අඩුවෙයි දිනෙන් දින පාඩම් දැනගන්න
සෝඩිය පටන් ගෙන වන පොත්කර ගන්න
පිල්ලම් කියා අල්පිලිකුරු දැනගන්න
එලෙස ම වැලි පිලේ ලියලත් දැනගන්න
කියා සකස්කඩ සොඳ ලෙස දැනගන්න
දෙවුර පෙරවාන ගුරුවර නොදකිල්ලා
යහන වහන පිට ඉඳගෙන නොදකිල්ලා
හිස් අතින් ගොසින් ගුරුවර නොදකිල්ලා
අගුණ බසක් දිවි ඇති තෙක් නොකියල්ලා
තම ගුරුවරුන් ගෙන් ඇති නම් වරඳ
වෙනින් කෙනෙකුන්ට නොකියන් ඒ වරද
සෙමෙන් තමන් ගුරුවරයන් පය නමැද
කියන් ඔබගෙ මේ මේ කරුණුයි වරද
දෙමව් පියන් ළග ගොස් ගුරුවරන් ගතු
නොකියන් ඇති නැති දෙය අමුණා අමුතු
බැති පෙම් වඩන දේ කිව්වොත් කීම යුතු
විරුදු නොකියන්න දෙපල ම වෙයි අමුතු
මෙ කියන ලෙසට නැවතීලා සිටපල්ලා
සකියනි මෙබස් මුදුනෙන් පිළි ඇරගල්ලා
රකිතිය කට ම බස් පමණක් නොකියල්ලා
බැති පෙම් වඩා ඕවාදේ දැනගල්ලා
![](/sayura/images/logo2.png)