මෝඩ නපුරු අය දුරු කරපල්ලා
සොඳ ගුණ මිතුරන් ලඟ ඉදපල්ලා
නපුරු නරක බස් සිතට නොගල්ලා
යහපත් සොඳ බස් සිතට ගනිල්ලා
නිතර ජරා මර සිහිකරපල්ලා
සතර අපා දුක් දුරුකරපල්ලා
අතර පතර වත් පව් නොකරල්ලා
පතර උතුම් තෙරුවන් වැඳපල්ලා
මෙ ලොව අයුෂ ටිකයි තියෙන්නේ
ඒ දැන අකුරට පමා නොවෙන්නේ
බෝකල් ලෙඩ දුක් රෝගෙට යන්නේ
ඒ දැන සිල්පෙට පමා නොවන්නේ
ආකල අකුරට තද දුක් ගන්නේ
නේකල දෙන තද බැට කාපන්නේ
කී කළ දේකට තරහ නොවන්නේ
සීරදු ලෙස මතු නොබා සිටින්නේ
රස ඇති නැති සැටියට කාපන්නේ
රෙදි ඇති නැති සැටියට ඇඳපන්නේ
සැප නොතකා නිතිදුක් විඳපන්නේ
උගත් අයට මතුවට සැප දෙන්නේ
උපයා ගත් දේ සොරු ඇරගන්නේ
නැති නම් ගිනි වැද දාලා යන්නේ
උගත මනා දෙය කව්දැයි ගන්නේ
එදැන අකුරු සොඳ ලෙසට උගන්නේ
පෙර කල රජ කුමරුවෝ බොලන්නේ
සිඟා කකා ගොස් සිල්ප උගන්නේ
දැන් කල මේ තොප එසේ නොවන්නේ
ළඟ ම තිබෙන මේ අකුරු උගන්නේ
ඇත් නම් වස්තුව ගුරුන්ට දෙන්නේ
නැත් නම් කිසිවක් දාස වෙමින්නේ
අත් පා මෙහෙකොට නමුත් ඉතින්නේ
සිත් සේ සිල්පය මයි උගනින්නේ
අකුරට නිතියෙන් ආදර වන්නේ
කියවන ගුරුවර සිත නොතලන්නේ
දෙවියන් මෙන් නිති ගුරුන් සිතන්නේ
එම විට සිල්පය පහළ වෙමින්නේ
වැඳලා ගුරුවර පොත ඇරගන්නේ
වැඳලා පාඩම ඇවිත් කියන්නේ
වැඳලා නොදැනෙන තැන අහපන්නේ
වැඳලා මේ පොත කරුනු උගන්නේ