කලට මෙසේ
එම සේ.
දවසට තුන්විට (ක්) බැගින්
වැඳ පල්ලා ගුරුන් නිතින්
මෙලොව පැවති දේ සතොසින්
යටත්ව සිට අස මෙලෙසින්
තමන් උගත් හැම විජ්ජා
බැර් ගන්නට හැම විජ්ජා
නොවමින් තම එහි ලජ්ජා
පෙන්නා තම දත් විජ්ජා
සොර සමගින් දොළොස් අකුරුද
එක් සොර පස් වග යරලව සකුරා
ශෂ සහ එකකුරු 'ළ' යනෙක අකුරා
සුවරුත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියේ බරකුරු දැනගත් සපුරා
සොරා ද බල්ලා කීමද
ප්‍රේත ජඩයා කීමද
බල්ලා හිවලා කීමද
පරුෂ වචන දැන කීමද
ගමක කීය නොකියන දේ
අන් ගමනක ගොසින් සොඳේ
මේක කියන්නම් නොමඳේ
කිනා කේලම යන දේ
කළ දේ නොකෙළෙමි කීමද
නොකළ දෙයක් කළ කීමද
නොකී දෙයක් කීමි කීමද
මේ බොරු කීම දැන හරිද
දෙලොවට වැඩ නැති වචනද
කටටාවක් ගෙන දෙඩුමද
වැඩ නැති හැම දෙඩවිල්ලද
ප්රලාපබස දැන ගන්සොඳ
බිම සුදු නොකරල්ලා
අසුන් පිටින් නුදුවල්ලා
කඩපිල්වල නොසිටල්ලා
මෙකියන දේ නොකරල්ලා
බොරු දිවුරන් නොකරල්ලා
ගුරුන්ට බොරු නොකියල්ලා
ලොව සතහට නොබනිල්ලා
අමුතු වරද නොගනිල්ලා
කොට පිළු අඳ බාලයන්ට
මුග ඛදිර වික්කලුන්ට
තවත් නොයෙක් නාකියන්ට
සිනාසෙන්ට එපා උන්ට
අනුන් කඩේ අහපල්ලා
බොරු දිවුරුම් නොකියල්ලා
ලොව සතහට නොබනිල්ලා
අනුන් කඩා නොගනිල්ලා
කියන දේ අහපල්ලා
ඛදිරි යන්ට
ගුරුවරයන් ගෙන දිවුරුන්
දෙමවුපියන් ගෙන දිවුරුන්
බුදුන් දහම් ගෙන දිවුරුන්
එපා කළයි මේ දිවුරුන්
බොරු සාක්සි නොකියන්නේ
බොරු නඩු හබ කියන්නේ
බොහෝ සරුප නොකියන්නේ
බොළඳ බසට නොනැමෙන්නේ
රෑ පානේ ගමන් නොයව්
ගම් ගම්වල නිතර නොයව්
අන් අඟනන් දෙස නොබලව්
මෙකී ලෙසට දවස් යවව්