දෙවන පිටුව
 

මෙසේ උගන්වා ඔවුන්ට
මතුවට සිරි සැප විදින්ට
මෙලොව සිරිත දැන කියන්ට
උගනිල්ලා මතු රැකෙන්ට


අලුයම උදයෙන් නැගිටි
මුකයට ගනිමින් දැහැටි
අතකට සෝදමින් තුටි
තුනුරුවන්ට වැඳ බුහුටි


දෙවනුව ගුරුවර වැඳලා
කියවන පොතටත් වැඳලා
අනදර ගරුකම් හැරලා
කියන් අකුරු බය හැරලා



සතුන් මැරුම් සහ සොරකන්
අනුන් අයිතිවන අඹුවන්
බොරු මායම් සහ දිවුරන්
මෙ පස්‌ පව් දැන හරිමින්


කීවොත් අකුරු ඔහුට නිතින්
කියන් අකුරු දැන මෙලසින්
සිතත් තැවී වැනසෙති. උන්
පෙරැඳුරු බස ගනු නියමින්.


මෙසේ උගන්නා ඕහට
මතු සිරි සැප පහළ වන්ට
මෙලොව ඉසුරුකම් ලැබෙන්ට
උගන්නවව් පින් පිරෙන්ට.


අකුරු කියන කළ මෙලෙසේ
කියවා ගෙන පොත සකසේ
කියමින් පාඩම සොඳසේ
දීලා පාඩම සතොසේ


දවස්‌ තුන් වරුවට
තුන් විටක්‌ ගුරු නමකොට
අසා සිතු විලසට
යටත් වීමෙන් පවතු ගුරුවර හට


තමුනු'ගත් විජ්ජා
ගන්න කෙනෙකුට එ විජ්ජා
නොවී තමු ලජ්ජා
ලොවට පානේ සොඳට විජ්ජා


එක්‌ සොර යන පස්‌ වගය ද
ය ර ල ව යන සිවු  අකුර ද
ශ ෂ සහ ළ කී එක්‌  අකුර ද
බර කුරු යයි දනු පිණිස ද


ක ඛ ගඝ ඬා චඡ ජඣඤ ද
ට ඨ ඩඨ ණා ත ථ ද ධ න ද
ප ඵ බ භ මා මෙ පස්‌ වග ද
සොර කුරු සහ දොළොස්‌ කුරු ද


මේවා මෙලෙස දැනගන්නේ
කී වා කළා අහපන්නේ
නි වා තරහා සිටපන්නේ
ඔ වා තෙපුල් පිළිගන්නේ


කෙළින්ට සිත් නොකරන්නේ
පරුෂ වචන නොකියන්නේ
ගුරුන්ට බොරු නොකරන්නේ
සැබෑ තෙපුල් පවසන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017