පළමු පිටුව
 

නමෝ බුද්ධාය


උතුම් මුණිඳුන්නේ
දහම් ලොව පවතින්නේ
සඟුන් සමගින්නේ
මෙතුන් රුවනට මම වඳින්නේ


ලෝ වැසි දනන්නේ
සිරිතකි මේ කියන්නේ
කන් දී අසන්නේ
                           අසා මේවා සිතට ගන්නේ


ගෙන මෙ ඔවා සිත තබා
හැසිරෙව් සොඳට එළඹා
ගුරුගෙ සිත පොළඹා
අකුරු උගනිව් තොපට වෙයි සුබා


අකුරට දෙන කුමරු
දැනැගන සොඳට තෙගුරු
පෙර කිව්වා ඇඳුරු
දෙවව් අකුරට මෙවැනි කුමරු


අවුරුදු පස ගිය කුමරුට
කියමන් පුළුවනි ඕහට
දෙන්න දෙගුරුවර සහතුට
දෙව තම දරු ගුරු කෙනෙකුට


අකුරට එන ළඳරු වන්ට
සොඳුරු ලෙසට ඉගෙන ගන්ට
පස්‌ පවු පහ දැන කියන්ට
උගන්නවවු පින් පිරෙන්ට


පස්‌ පවු නම් ඔන්න සකී
දැන ගල්ලා බොහොම යකී
ඉන් වන දුක්‌ බොහොම යකී
සතර නිරේ මහ දුකෙකී


සතුන් මැරුම් සොරකමකී
මිච්ඡාචාරය ද සකී
බොරුවක්‌ සහ මේ සතරකි
සුරාපාන සහ පසකි


මෙ පස්‌ පවින් දුරුව නිතින්
කිවුවෝතින් අකුරු ඉතින්
පහළ වේය වතුර ලෙසින්
ඉගෙන ගනිවු වැඩකි උතුන්


කළොත් මෙ පවු සිත සතොසින්
මහත් දුකට පැමිණෙති උන්
සිතත් කයත් වේය තැවුන්
කියත් මෙ හැම පෙර ඇඳුරන්

(c) Shilpa Sayura Foundation 2006-2017