සොළොස්මහ ජනපද බිහිවීමත් සමඟ එකිනෙක ජනපද අතර සම්බන්ධතා දියුණුවිය. ඒ අනුව වෙළඳ, සංස්කෘතික සම්බන්ධතා විය. මෑතකදී කරන ලද කැණීම් වලදී කුලුණු සියයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඇති ගොඩනැගිල්ලක නටඹුන් හමුවී ඇත. මෙය අශෝක රජුගේ මාලිගය වශයෙන් සලකනු ලැබේ. එනිසා රජමාලිගාවන් මහල් කිහිපයකින් යුතුවන්නට ඇත.
ලෙන් විහාර වශයෙන් සලකනු ලබන ගල් පර්වත හාරා සාදා තිබූ ගල්ගුහා රැස්වීම් ශාලා ලෙස යොදාගත් බව සැලකේ. අශෝක රජු තම ධර්මය සහ අණපනත් ලියවා තැබූ අශෝක කුලුණ ද වැදගත් කලා සම්ප්‍රදායකි. වැලි ගල්වලින් සාදා ඔපදමා ඇති අතර ස්ථම්භ මුදුනේ සතර දිශාව බලා හිඳ සිටින ඉරියව්වෙන් ඇති සිංහ රූප හතරක් ද වේ.
එයට පහළින් ධර්මචක්‍රය උසුලා සිටින බවක් එයටත් පහලින් පළාපෙති ලක්ෂණයද කැටයම් කර ඇත. මේවා මෞර්ය මූර්ති කලාවේ ඉතා උසස් ලක්ෂණ පෙන්වයි.
එයට පහළින් ධර්මචක්‍රය උසුලා සිටින බවක් එයටත් පහලින් පළාපෙති ලක්ෂණයද කැටයම් කර ඇත. මේවා මෞර්ය මූර්ති කලාවේ ඉතා උසස් ලක්ෂණ පෙන්වයි.