ක්‍රි.පූ. 269 දී පමණ රජ වී මුලදී ජෛන ආගම වැළඳ ගෙන සිටි අශෝක අධිරාජයා පසුව බුදුදහම වැළඳ ගත්තේය. මොහු බුදු දහම වැළඳ ගැනීමට හේතුව ලෙස දක්වන්නේ තම අධිරාජ්‍යයට කාලිංග දේශය ඈඳා ගැනීමට කළ සටනේ දී ඇති වු විනාශයයි.
මෙහිදී ඇති වු විනාශය නිසා සිත්තැවුලට පත් අශෝක රජතුමා පසුව සිය වැඩිමහල් සහෝදරයෙකුව සිටි සුමන නම් සොහොයුරාගේ පුත් නීගෝ්‍රධ සාමණේරයන් ගෙන් බණ අසා බුදුදහම වැළඳ ගත්තේය. අශෝක අධිරාජයාගේ අගනුවර වූයේ ද පාඨලීපුත්‍ර හෙවත් පැට්නා නගරයයි.
බුදුදහම වැළඳ ගැනීමෙන් පසු යුද බෙර වෙනුවෙන් දහම් බෙර හඩ පැතිරවීමට කටයුතු කළේය. මවුපියන්ට වැඩිහිටියන්ට ගරුකිරීම, සතුන්ට දයාව කරුණාව දැක්වීම, ධර්මයෙහි හැසිරීම, දන්දීම, සතුන් නොමැරීම, ශයමණ බ්‍රහ්මණයන්ට සංග්‍රහ කිරීම, අරපරිස්සම ආදී ගුණධර්ම අශෝක අධිරාජයා ගේ ධර්මයෙහි අඩංගු විය. අශෝක රජතුමා සියලු රටවැසියන් තමාගේ දරුවන් සේ සැලකු බව පෙනේ.
අශෝක රජතුමා තමාගේ ධර්මය ගිරිලිපි, ටැම්ලිපි, සෙල්ලිපි සහ සුළු ගිරිලිපි වශයෙන් ක්‍රම හතරකින් අධිරාජ්‍යය පුරා ලියවා තැබීය. මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ට ද ගිලන්හල් තැනවීම, මාර්ග අසල ළිං පොකුණු තැනවීම සහ මාර්ග දෙපස නොයෙකුත් වර්ගයේ ගස් වර්ග රෝපණය කිරීම ආදී කටයුතු කරවන ලදී.
තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමේ දී ද අශෝක රජතුමාගේ අනුග්‍රහය ලැබුණි. ක්‍රි.ව. 640 පමණ ඉන්දියාවට පැමිණි හ්‍යුං සාං නමැති දේශාටක තෙරුන් වහන්සේ අශෝක රජතුමා විසින් කරවන ලද ස්ථූප විශාල සංඛ්‍යාවක් ඉන්දියාව පුරා තිබූ බව සඳහන්කර ඇත. අශෝක රජතුමා රටවල් ගණනාවකටම ධර්ම දූතයන් වහන්සේලා යවන ලදී. ශ්‍රී ලංකාවට බුදු දහම ගෙනඑන ලද්දේ එතුමා ගේ පුත් මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලා විසිනි.