පසු කලෙක මොහෙන්දාජාරෝ හරප්පා ශිෂ්ඨාචාර වැලලී ගිය ආකාරය අදටද සොයාගෙන නොමැත. ඉන්දියාව පෙර සිටම භාරත දේශය නමින් ද හඳුන්වනු ලැබේ. එය ලංකාව මෙන් 60 ගුණයක් විශාලය. උතුරින් පිහිටා ඇති හිමාලය කඳුවැටිය ඉන්දියාවට ඉතා විශාල වශයෙන් ආරක්ෂාව සපයයි. ඒ හැරුණු විට ඉන්දියාව තුන් පැත්තකින් සාගරයෙන් වටවී ඇති නිසා නොමඳ ආරක්ෂාව සැලසී ඇත. සුළු වශයෙන් හෝ සම්බන්ධ වන්නේ ලංකාව සමඟ පමණී.
ඉන්දියාවත් ලංකාවත් වෙන්වන්නේ සැතපුම් 32 වැනි පටු මුහුදු තීරයකිනි. එය හඳුන්වනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය ලෙසිනි. එනිසා ලංකාවට ඉන්දියානු බලපෑම නිරතුරුවම එල්ල විය. නමුත් ඉන්දියාව සතු ස්වභාවික භු ලක්ෂණ හේතුවෙන් අනන්‍යතාව ආරක්ෂා කරගෙන දිගුකලක් පැවතීමට හේතුවිය.
උතුරු ඉන්දියාව දේශගුණය අතින් සහ පිහිටීම අතින් දකුණු ඉන්දියාවට වඩා සමෘද්ධිමත් බවක් දක්වයි. හිමාලය කඳුවැටියෙන් ඇරඹෙන ගංගානම් ගඟ උතුරු ඉන්දියාව පෝෂණය කරනු ලබයි. සිංඳු ගංඟාව බටහිර දෙසට ගලමින් පංජාබ් ප්‍රදේශය සශ්‍රීකවත් කරයි. දකුණු ඉන්දියාවේ ද ගංගා රාශියක් ඇත.
ගෝදාචරී, තුංගභද්‍රා, ක්‍රිෂ්ණා, නර්මදා ආදී ගංගාවන් එසේ ගලාබසී. නමුත් දකුණු ප්‍රදේශයේ සමහර ප්‍රදේශවල කර්කශ දේශගුණික තත්ත්වයන් පවතී. ඉන්දියාවට ආර්යයන් සංක්‍රමණය වීම පිළිබඳ විවිධ මත පවතී. මධ්‍ය යුරෝපයේ ස්ටෙප්ස් තණබිම් ආශ්‍රිතව ජීවත් වු මුල් කාලීන ආර්යයන් කොටසක් යුරෝපයට ද, තවත් කොටසක් ඉන්දියාවට ද සංක්‍රමණය වූ බව සැලකේ.
එයට හේතු ලෙස ඉතිහාසඥයන් දක්වන්නේ මොවුන්ගේ භාෂා මූලයන් අතර පවතින සමානතාවන්, හිස් කබලේ ප්‍රමාණය සහ හැඩය ආදී තොරතුරු පදනම් කරගෙනය. කෙසේ හෝ වයඹ දිගින් ඉන්දියාවට ප්‍රවිෂ්ටවීමට ඇති එකම මාර්ගය වන කයිබර් දුර්ඝය ඔස්සේ වරින්වර සංක්‍රමණික කණ්ඩායම් වශයෙන් ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නට ඇතැයි සැලකේ.