"මම හෙට කුඹුර කොටමි" යි ගොවියා කීය. (ප්‍රකෘති කථන)
තමා හෙට කුඹුර කොටන බව ගොවියා කීය. (විකෘති කථන)
අනතීත ස්‌වරූපයන්
මීයන් වෙණ කති - මීයන් වෙණ කති යි
තෝ යව - තා යව යි
මම එමි - මා එතියි
අපි නොදනිමු - අප නොදනිති යි
අතීත ස්‌වරූපයන්
මම කීමි - මා කීම්හ යි
හේ ආය - ඔහු ආහ යි
මීයෝ වෙණ කෑහ - මීයෝ වෙණ කෑහ යි
තෝ කීහි - තා කීහ යි
තවද පහත වාක්‍ය ස්‌වරූපයන්ද බලන්න
දූතයා ගියේ යයි ඇමතියා සිතී.
දූතයා ගියා යයි අප සිතූමු.
වැස්‌ස එන්නේ යයි කෑරළා කියයි.
අම්මා එන්නී යයි දැරිය කී.