මෞර්ය රාජවංශයේ ආරම්භකයා ලෙස සලකනු ලබන්නේ චන්ද්‍රගුප්ත නම් කුමරෙකි. ඔහුට කෞටිල්‍ය නම් අර්ථ ශාස්ත්රඥයෙකු වූ බ්‍රාහ්මණයෙකු ගේ උපදෙස් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඉන්පසු මගධ රාජ්‍යයෙහි පාලකයා බවට පත්වූයේ චන්ද්‍රගුප්ත රජුගේ පුත් බින්දුසාර කුමරුය. මෙකල මුළු උතුරු ඉන්දියාව පුරාම මගධ රාජ්‍යය ව්‍යාප්ත වී තිබුණි. බින්දුසාර රජුගෙන් පසු ඔහුගේ පුත් අශෝක රජකමට පත්විය. අශෝක මෞර්ය රාජ්‍යයය තවත් පුළුල් කලේය.