කුරු රාජධානිය ක්‍රි.පූ 700–300 පමණ
මහාභාරතයේ සඳහන් කුරු රාජධානියේ (අද හර්යානා ප්‍රාන්තය) අගනගරය වූ
ඉන්ද්‍රපුත්‍ර නගරය කුඩා වුවද සංස්කෘතික මධ්‍යස්ථානය වීය පසුව එය මගධයේ පාටලීපුත්‍ර නගරයට දෙවැනි වීය.
ගාන්ධාර රාජධානිය
ගාන්ධාරය (අද උතිරු පකිස්ථානය) බුද්ධිමතුන්ගේ රාජ්‍යය විය. ක්‍රි.පූ. 500 පමණ එහිදී සංස්කෘත ව්‍යාකරණය නිර්මාණය වූ අතර මහාභාරත වෘත්තාන්තයද ලියවිණි. වසර 1500 කට පසු ගාන්ධාරය වැලලී ගියේ ගසානි හි මහමූද්ගේ ආක්‍රමණයෙන් බව පැවසේ.
කෝසල රාජධානිය
අද උත්තර ප්‍රදේශ් නමින් හැඳින්වෙන කෝසලයේ අගනගරය වූයේ අයෝධ්‍යාවයි. වේදික යුගයට පසු බිහිවූ බලවත්ම රාජ්‍යක් වූ කෝසලය හර්යන්කා රාජවංශය චිසින් පාලනය කෙරණි.
අංග රාජධානිය
අද බිහාර ප්‍රාන්තයේ භාගල්පූර් හා මොන්ගීර් ප්‍රදේශය වූ අංග රාජධාණියේ අග නගරය වූයේ මාලනී ය, පසුව එය චම්පා වීය. වාණිජ කටයුතු වල කේන්ද්‍රය වූ අංගය පෙර අපරදිග දෙපස සමග වෙළඳාම් කෙරුණි.
කාලිංග රාජධාණිය
අද ඔරිස්සා ප්‍රන්තය ලෙස හඳුනවන කාලිංගය මෞර්ය වංශික අශෝක අධිරාජයාගහ සමය වනවිට ඉන්දියාවේ බලවත්ම රාජධාණිය බවට පත්වී දකුණු ඉන්දියාව හැර සෑම දෙසකටම විහිදුණි. ඒ සමඟම ඉන්දුනීසියාව දක්වා ඈත පෙරදිගටද, ලංකාව සමඟද ඉතා සවිමත් සංස්කෘතික සඹඳතා ඇති කරගති.
කාලිංග අධිරාජ්‍යය ක්‍රි. පූ. 321–184 පමණ පැවතුණි.