ප්‍රථමයෙන්ම බිහිවූ මගධ රාජධානිය සොලොස්මහ ජනපද අතරින් ප්‍රධාන හතරින් එකකි. එය රාමායණයේ හා මහාභාරතයේ සඳහන් වේ. බුදුන්වහන්සේ ලොව පහල වූ කාලයේ මගධය බිම්බිසාර රජු (544-491 BCE) විසින්ද පසුව ඔහුගේ පුත් අජාසත්ත අතින්ද පාලනය වීය.(491-460 BCE) රජගහ (අද Rajgir) එහි ප්‍රධාන නගරය වූ අතර මගධය බිහාරය හා අංග ප්‍රදේශ හා ගංගනම් නිම්නයේ කෝසල හා කාසි රාජ්‍යද දක්වාද විහිදිනි.
සොලොස් මහ ජනපද එකතුවී සමූහාණඩුවක් ලෙස පාලනය වන ලෙස මගධ අධිරාජ්‍යය සැකසිණි. අන් වැදගත් රාජධානි තුන වූයේ කෝසල, ගාන්ධාරය හා මහා භාරත වෘත්තාන්තයේ මූලික වන කුරු රාජධානියයි. අංග හා කාලිංග දේශයන්ද දියුණු වෙමින් පැවතිණි.
අධ්‍යාත්මික වශයෙන් ඉදිරියට ගිය ජන සමාජයක් වූ ඉන්දියාවේ. රජුන් හා සාමාන්‍ය වැසියා අතර යුතුකම්, අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ සම්මුතියක් තිබිණි. රජුනට දශරාජ ධර්මයක් තිබුණු අතර බ්‍රාහ්මණයෝ රජුනට රාජ්‍ය විචාරීමට උපදෙස් දුන්හ.
මේ වනවිට සමකාලීන අනිකුත් ශිෂ්ඨාචාර හා සසඳා බලන කළ අධ්‍යාත්මික ලක්‍ෂණ වලට මුල්තැන් දුන් ආගමික බලපෑම රාජ්‍ය පාලනය යහපත් වීමට හේතු වූවා යයි සිතිය හැක.
වේද යුගයේ ඍෂීන්ගේ ඉගැන්වීම්ද, බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද භාරත සමාජය පෝෂණය වීමේ ලා වැදගත්විය.
ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ ජනපද දහසයක් වර්ධනය වී තිබුණි. මේවා හැදින්වූයේ සොළොස්මහ ජනපද ලෙසිනි. ඒවානම් අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, කුරු, පංචාල, මත්ස්‍ය, සූරසේන, අවන්ති, අස්මක. වේදී, චත්ස්‍ය, ගන්ධාර සහ කාම්බෝජ වේ. සොළොස්මහ ජනපදවල ක්‍රියාත්මක වූයේ මත්ස්‍ය න්‍යායයි. ධනම් විශාල බලවත් රාජ්‍ය විසින් කුඩා රාජ්‍ය ගිල ගැනීමයි. මේ අනුව මගධ රාජ්‍යය මෙකල බලවත් රාජ්‍යයක් විය.
මගධ රාජ්‍යය බලවත්වන විට එහි පාලකයාව සිටියේ බිම්බිසාර රජතුමාය. රජගහනුවර එහි අග නගරයයි. බුදුන් වහන්සේගේ ලොව පහළ වීම සිදුවූයේද මෙකලය. බිම්බිසාරගෙන් පසු අජාසත් රජතුමා මෙහි පාලකයා වූ අතර එහි අගනගරය ලෙස පැළලුප් නුවර තෝරාගන්නා ලදී. අද මෙය හඳුන්වන්නේ පාඨලීපුත්‍ර හෙවත් පැට්නා යන නමිනි. ඉන්පසු නන්ද රාජවංශය නමින් නව රාජවංශයක් එහි බලයට පත්වූ අතර ඉන්පසු බලය හිමිවූයේ මෞර්ය රාජවංශයටයි.