ඉන්දියාවේ වෛදික යුගය
 

ඉන්දියාවේ ප්‍රරණිම ග්‍රන්ථය ලෙස සැලකෙන ඍග්වේදයේ බස ඉන්දීය හා ඉරාන බසේ ලක්‍ෂණ සහිතය. ඉන්දු ආර්ය සංක්‍රමණයෙන් ගම්මාන බිහිවූ අතර ගමේ ප්‍රධානියා ග්‍රාමනී ලෙස හැඳින්විය. රජ විසින් ගම් රැසක් පාලනය කළ අතර සමහර අවස්ථාවලදී මිනිසුන් විසින් රජු තෝරාගන්නා ලදි. රජූගේ ප්‍රධාන කාර්යය වූයේ වැසියන් රැකීමය. ඔහුට උපදෙස් දීමට පුරෝහිත මංඩලයක්ද වීය. රජුට පාබල, අශ්ව, දුනු හා ඇත් සේනාද විය. ජනතාව තම අස්වැන්නෙන් කොටසක් රජුන්ට දුන්හ.

බුද්ධිමය, ආගමික හා රාජ්‍ය උපදේශන කටයුතු වල යෙදුන බ්‍රාහ්මණ හා රාජ්‍ය පාලනයේ යෙදුන ක්‍ෂත්‍රිය වංශ අනිකුත් වංශ වූ දාස හා වැසියන්ට වඩා සමාජයේ ඉහල තැනක්ද හා බලතලද තිබිණි. වංශ අතර විවාහ සිදු නොවීය.

ඔවුන් ග්‍රාමීය දිවි පෙවෙතක් ගත කළහ. හරකුන්ද , එළුවන්ද ඇති කළහ. හරකුන් දේවත්වයෙන් පිදූ අතර ගව මස් කෑම පිළිකුල් කළහ. මුදල් භාවිතා නොවූ අතර කුළ ක්‍රම තදින්ම පැවතිණි. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෙශ්‍යය හා ශ්‍රද්‍ර ප්‍රධාන කුළ හතර විය. ධාන්‍ය, කිරි, පළතුරු හා එළවළු ප්‍රධාන ආහාරය වීය.


 



(c) Shilpa Sayura Foundation 2006-2017