ආර්යයන් පිළිබඳ මුල්කාලීන තොරතුරු දැනගත හැක්කේ වේද ග්‍රන්ථ වලිනි. ඍග්, යජූර්, සාම සහ අතර්වන් යනුවෙන් වේද ග්‍රන්ථ හතරකි. මෙම වේද ග්‍රන්ථවල මුල් ග්‍රන්ථය වන ඍග්වේදයට අනුව ආර්යයන් මුලින්ම පදිංචි වී ඇත්තේ සින්දු ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශවලය.
විශේෂයෙන්ම පංජාබය අවට ප්‍රදේශවල ගංගා පහක් එක්වන ප්‍රදේශය ලෙස නම් කර ඇති පංජාබ් දේශය මුල්කාලීම ආර්ය ජනාවාස ලෙස සඳහන්වේ. ඉන්පසු මුළු උතුරු ඉඔන්දියාව පුරාම ක්‍රමයෙන් ආර්ය ජනාවාස පුළුල් විය. ක්‍රි.පූ. 7 වන සියවස වන විට මෙසේ ව්‍යාප්ත වු ආර්ය ජනකොටස් ක්‍රි.පූ. 6 වන සියවස වන විට දකුණු ඉන්දීය ප්‍රදේශවලට සහ ලංකාවට ද සංක්‍රමණය වූහ.
ගෝත්‍රික ජන කොටසක් ලෙස ව්‍යාප්ත වූ මොවුහු ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස පිහිටුවා ගත් අතර ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත්හ. ගෝත්‍රයට නායකයකු සිටි අතර ඔහුගේ විධානයන්ට අනුව සිය කටයුතු එකලස් කර ගත්හ. පසුව ගෝත්‍ර කිහිපයකට එක් නායකයෙකු ලෙස වර්ධනය වූ නායකත්වය පසු කාලීනව රාජ්‍යත්වය දක්වා වර්ධනය විය.
ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ ජනපද දහසයක් වර්ධනය වී තිබුණි. මේවා හැදින්වූයේ සොළොස්මහ ජනපද ලෙසිනි. ඒවානම් වේ.
ඉන්දියාවේ ගංගා නිම්න ආශ්‍රිතව ගොඩ නැගුනු අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, කුරු, පංචාල, මත්ස්‍ය, සූරසේන, අවන්ති, අස්මක. වේදී, චත්ස්‍ය, ගන්ධාර සහ කාම්බෝජ ආදී සොලොස් මහ ජනපද විය.
මධ්‍යතන ඉන්දීය ඉතිහාසයට අද ඉන්දියාව මෙන්ම 1947 දී වෙන්වුන පකිස්ථානයද කයිබර් දුර්ඝය ආශ්‍රිත ඇෆ්ගනිස්ථානයද අයත් බව සලකන්න.
මධ්‍යතන ඉන්දීය ඉතිහාසයට අද ඉන්දියාව මෙන්ම 1947 දී වෙන්වුන පකිස්ථානයද කයිබර් දුර්ඝය ආශ්‍රිත ඇෆ්ගනිස්ථානයද අයත් බව සලකන්න.